මම උපයාගත්තු ධනය ලෝබ නැතිව ජනතාවට වියදම් කරනවා - ගීතා කුමාරසිංහ
මම බෙන්තර, ඇල්පිටිය ආසනයේ සංවිධායකවරිය වුණාට ආණ්‌ඩුවෙන් මට වැටුප් ගෙවන්නේ නැහැ. මම උපයා ගත්තු ධනය ලෝභ නැතිව ජනතාවට වියදම් කරනවා යෑයි බෙන්තර, ඇල්පිටිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්මිය කීවාය.
මාදම්පේ මහා විද්‍යාලයේ පැවැති උත්සවයකදී කුමාරසිංහ මහත්මිය මේ බව සඳහන් කළාය. තවදුරටත් අදහස් දක්‌වමින් ඇය මෙසේ ද කීවාය.
මේ තුළින් මා සතුටක් ලබනවා. තව කෙනෙකුට ඒ සතුට ලැබෙන විට මගේ සතුට දෙගුණ, තෙගුණ වෙලා මට දැනෙනවා. මේ විද්‍යාලයේ විදුහල්පතිතුමා කරපු ඉල්ලීම මා හදවතින්ම ඉටුකරනවා.
මේ ළඟදි දවසක මට කෙනෙක් හමුවුණා.
හොඳට හම්බවුණා නේද කියලා ඔහු කීවා. මට හිතාගන්න බැහැ. මේ මොනවාද කියන්නෙ කියලා. ජිනීවාවලදි හොඳට හම්බවුණා නේද ඔහොම වෙලා මදි කියලා ඔහු කීවා. ඇත්තටම මේ රටේ උපන් කෙනෙකුට මෙහෙම කියන්න පුළුවන්ද? ජිනීවාවලදී පැරදුනේ කවුරුවත් තනි තනිව නෙවෙයි. ජනාධිපතිතුමා නොවේ. රටක් වශයෙන් මුළු ලංකාවටම තමයි ඒ අපහාස චෝදනා ගලාගෙන ආවේ.
මේ අපේ රට, අපි ඉපදුණු රට, රටට අපහාසයක් වනවිට සතුටු වන අය නිවට නියාලු මිනිසුන්.

Posted in:

0 comments for "මම උපයාගත්තු ධනය ලෝබ නැතිව ජනතාවට වියදම් කරනවා - ගීතා කුමාරසිංහ"
Leave a reply