කෝට්ටේ කෙසෙල් කොළේ බස් නැවතුම හදන්න ලක්ෂ 25 වංචා සහගත යයි විමල්ට එරෙහි පැමිණිල්ලක්
මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ නීතිඥ නාමල් රාජපක්ෂ මහතා සහ කොළඹ දිස්ත‍්‍රික් එජාප මන්ත‍්‍රී රවි කරුණානායක මහතාය.
මෙම බස් නැවතුම ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා අමාත්‍යාංශය විසින් ඉදිකර පසුගිය සැප්තැම්බර් මාසයේදී නාගරික සංවර්ධන අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කර ඇත. ඉදිකිරීම
සඳහා රුපියල් ලක්ෂ විසිපහකට අධික මුදලක් වැයකර ඇතැයි දැන ගැනීමට ලැබුණු නමුත් ඒ සඳහා වැය වූයේ රුපියල් ලක්ෂ දාහතක් පමණක් බවට ඇමැති විමල් වීරවංශ මහතා පසුගිය දෙසැම්බර් 06 වැනිදා පාර්ලිමේන්තුවේදී පිළිගෙන ඇතැයිද පැමිණිල්ලේ දැක්වෙනවා.
තමන් එක්තරා පුද්ගලික සමාගමකින් මේ ආකාරයේම බස් නැවතුම්පළක් ඉදිකිරීම සඳහා කෙතරම් මුදලක් වැය වන්නේදැයි විමසන ලදුව එම සමාගම විසින් ඉදිරිපත් කරන ලද්දේ රුපියල් හත් ලක්ෂ අනූහත් දහසක මිල ගණනක් බවද පැමිණිල්ල මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.
බස් නැවතුම රාජ්‍ය ආයතනයක් විසින් ඉදිකළ නිසා අනිවාර්යයෙන්ම ඒ සඳහා ඉහත පුද්ගලික සමාගමට වඩා අඩු මුදලක් වැයවිය යුතු බව පවසන පැමිණිලිකරුවන් මෙහිදී කිසියම් දූෂණයක් සිදුව ඇති බව පෙන්වා දෙනවා.
එම නිසා මෙම බස් නැවතුම්පළ ඉදිකිරීමට වැයවූ මුදල පිළිබඳ විමර්ශනයක් කරන්නැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් ඔවුන් ඉල්ලා තිබෙනවා.
Posted in:
sri e news

0 comments for "කෝට්ටේ කෙසෙල් කොළේ බස් නැවතුම හදන්න ලක්ෂ 25 වංචා සහගත යයි විමල්ට එරෙහි පැමිණිල්ලක්"
Leave a reply