ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

සජිත් පේ‍්‍රමදාස කියන්නෙ වැඩ බැරි ටාසන් කෙනෙක්


‘‘අද රනිල් මහත්තයා බලන් ඉන්නවා මේ ජිනීවා එකෙන් හරි ආණ්ඩුව කඩාගෙන වැටෙයි ද කියලා. එහෙම හරි බලය ගන්න බලාගෙන ඉන්නවා. මටනම් හිතෙන්නෙ මේ විදියට ගියොත් විපක්ෂ නායකකමත් නැතිවෙලා ටී. එන්. ඒ එකට යයි කියලයි. අද එ.ජා.පය බංකොලොත් වෙලා ඉවරයි. කිසි ම නායකයෙක් පේන තෙක් මානයක නෑ. සමහරු හිතන් ඉන්නෙ හැමදාම මාධ්‍යයේ කතා යන නිසා සජිත් මහත්තයට මේ වැඬේ කරන්න පුළුවන් වෙයි කියලා. සජිත්ට, රනිල් විතරවත් බෑ මේක කරන්න. මම පැහැදිලිව කියනවා සජිත් පේ‍්‍රමදාස කියන්නෙ වැඩ බැරි ටාසන් කෙනෙක්’’ යැයි ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.

අමාත්‍යවරයා එසේ පැවැසුවේ ‘‘රට නඟන නිල් රැල්ල’’ නමින් ශ‍්‍රී ලංකා
පක්ෂයට නව සාමාජිකයන් බඳවා ගැනීමේ මාතර වැලිගම උත්සවය අමතමිනි.

‘‘දැන් ජිනීවා යෝජනාවට ඉන්දියාවත් අපිට එරෙහි වෙලා තියෙනවා. හැබැයි ඔවුන් දන්නෙ නෑ මේ පරාජය ලැබුවේ ඔවුන්මයි කියලා. අද ඉන්දියාව ඇමෙරිකාවේ උගුලට අහුවෙලයි තියෙන්නේ. පසුගිය දා චෙන්නායිවල දී අපේ ස්වාමින් වහන්සේ නමකට පහර දුන්නා. තමන්ගේ රටට එන වන්දනාකරුවන්ට ආරක්ෂාව දෙන්න බැරි රටක් මේ. ඉන්දියාව ලැජ්ජා වෙන්න  ඕන මේ සම්බන්ධව. රටක් විදියට, රජයක් විදිහට අපි දැන් තීරණය කරලා තියෙනවා ඉන්දියාවට අපි යවන්නෙත් නෑ. එහෙන් මෙහෙට එන්න දෙන්නෙත් නෑ කියලා. මගේ විශ්වාසය නම් අපේ අතින් වියදම් කරලා හරි ඒ අයව මෙහෙට ගෙනත් උතුරු නැගෙනහිර ඇවිද්දවන්න  ඕන කියලයි. එතකොට ඔවුන් අපේ මිනිස්සුන්ට වෛර කරන එක නතර කරයි.’’ යැයි

Posted in:

0 comments for "සජිත් පේ‍්‍රමදාස කියන්නෙ වැඩ බැරි ටාසන් කෙනෙක්"

Leave a reply