ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

පක්ෂය ජයග‍්‍රහණය කරා මෙහෙයවීමට නොහැකි සියලූදෙනා ම තනතුරු සහ පදවිවලින් පහකරනවා


පක්ෂය ජයග‍්‍රහණය කරා මෙහෙයවීමට යම් කිසිවෙකු කටයුතු නොකරන්නේ නම් ඒ සියලූදෙනා ම තනතුරු සහ පදවිවලින් වහා ම පහකර මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරළීමේ සටන ඉදිරියට ම ගෙනයන බව එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම් දී තිබේ.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වූ අවස්ථාවේ දී එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පවසා ඇත.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රදානත්වයෙන් මෙසේ රැස්වූයේ මීට පෙර අවස්ථා ගණනාවක දී කල් තැබීමෙන් පසු ව ය.

එක්සත් ජාතික පක්ෂ ප‍්‍රතිසංස්කරණවාදීන්ගේ ඉල්ලීමට අනුව සම්පාදනය කෙරුණු පක්ෂ ව්‍යවස්ථාව යටතේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට පැවරී තිබෙන බලතළ හා අවස්ථා අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඔහුට පත්කළ හැකි
කෝටාවෙන් ගෙවුණු සතියේ එම මණ්ඩලයට පත් කෙරුණු හිටපු නියෝජ්‍ය නායක සංජිත් පේ‍්‍රමදාස මහතා මේ රැස්වීමට සහභාගී නොවීය.

කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් විශේෂ සඳහනක් කරමින් රනිල් වික‍්‍රමසිංහ මහතා එම මණ්ඩලයට දැනුම් දුන්නේ සජිත් පේ‍්‍රමදාස මහතා වෙන ම කැඳවා ඔහුටත් කියන්න තිබෙන දේ තමා කියන බවය.

එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය වෙනුවට රණසිංහ පේ‍්‍රමදාස ගුණ සමරුව මෙවර පැවැත්විය යුතු බවට කෙරුණු යෝජනාව ප‍්‍රතික්ෂේප කරමින් රනිල් වික‍්‍රමසිංහ මහතා අවධාරණයෙන් යුතු ව කියා සිටියේ දිවංගත ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතාට ඔහුගේ ජීවිතයේ සුවිශේෂීම දිනය වූයේ ඔහු උපන් ජූනි 23 වන දා බව ය.

Posted in:

0 comments for "පක්ෂය ජයග‍්‍රහණය කරා මෙහෙයවීමට නොහැකි සියලූදෙනා ම තනතුරු සහ පදවිවලින් පහකරනවා"

Leave a reply