හත්වෙනි දරුවා ප‍්‍රසූත කරන්න ගිය මව අතුරුදන්
දෙමාපිය රැුකවරණය අහිමි වී සිටි එකම පවුලේ ළමුන් 6 දෙනෙකු කහවත්ත ප‍්‍රදේශයේ ළමා නිවාසයකට භාරදී තිබේ.
කෙහෙල්වත්ත, පොතුපිටිය ප‍්‍රදේශයේ පදිංචි පවුලක වයස අවුරුදු 2 ත් 14ත් අතර පිරිමි ළමුන් 5 දෙනෙකු සහ එක් ගැහැණු ළමයෙකු මෙලෙස මව්පිය රැුකවරණය අහිමිව සිටි බව රක්වාන පොලීසිය සඳහන් කළේය.
ළමුන් 6 දෙනෙකුගෙන් යුත් මෙම පවුලේ 7 වන දරුවා ප‍්‍රසූතිය සඳහා මව පසුගිය 5 වන දින රෝහල් ගත වීම සඳහා නිවසින් බැහැරව ගොස් ඇත.
පසුව ස්වාමිපුරුෂයා ද නිවසින් බැහැරව
ගොස් ඇති අතර මෙතෙක් ඔවුන් දෙදෙනා පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති බව රක්වාන පොලීසිය සඳහන් කළේය.
අදාළ නිවසේ සිටි ළමුන් 6 දෙනා රක්වාන පොලීසිය විසින් මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කහවත්ත ප‍්‍රදේශයේ ළමා නිවාසයක පරිවාස භාරයට පත් කර තිබේ.
Posted in:
හත්වෙනි දරුවා ප‍්‍රසූත කරන්න ගිය මව අතුරුදන්

0 comments for "හත්වෙනි දරුවා ප‍්‍රසූත කරන්න ගිය මව අතුරුදන්"
Leave a reply