කඩෙන් සිවුරක් ගෙන පොරවාගෙන අයියා-මලෝ එක්වී ලක්ෂ 7ක් විදලා
සොරකමකට වරෙන්තුවකට අවශ්‍ය වී සිටි බද්දේගම ගනේගම උතුර පදිංචි අමල් දර්ශන හෙට්ටිවත්ත යන සැකකරු පෝද්දල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වන අවස්ථාවේ දී මේ සොරකම පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.
අමල් දර්ශන අයියා ලෙසත්, තවත් පුද්ගලයකුට සිවුරක් පොරවා මල්ලී බවට හඳුන්වා දී බද්දේගම ප්‍රදේශයේ පුද්ගලයකුට පවසා ඇත්තේ තමාගේ මල්ලී මහණ වීමෙන් පසු මල්ලිගේ
ඇඟේ දිෂ්ටියක් තිබෙන නිසා, මල්ලී පිස්සුවෙන් හා නිතර අසනීප වෙන බවයි.
එය ඉවත් කර ගන්න රුපියල් ලක්ෂ විස්සක් පමණ මුදලක් වැයවන නිසා රත්රන් ටිකක් තිබෙනවා එය අරගෙන මුදලින් රුපියල් ලක්ෂ හතක් දෙන්න කියා රුපියල් ලක්ෂ හතක් අරගෙන කළුතර උතුර පාළු ප්‍රදේශයකට රැගෙන ගොස් රත්රන් කාසි ලබා දෙනවා කියා මුදල් රැගෙන පලාගොස් ඇත.
පිත්තල කැබලිවලට රන් ආලේපකරන ලද කැබලි ටිකට ලක්ෂ හතක් ලබාගෙන ඇත. මේ සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු කළුතර විශේෂ විමර්ශන ඒකකයට භාරදීමෙන් අනතුරුව ගාල්ල මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ගාල්ල රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇත.
මේ පිළිබඳව අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට පෝද්දල පොලිස් ස්ථානාධිපති පී. එල්. කීර්තිසිංහ මහතා ඇතුළු කළුතර පොලිසියේ විශේෂ ෂමර්ශන ඒකකයේ උ.පො.ප. රජින්ද්‍ර මහතා පරීක්ෂණ පවත්වයි.

0 comments for "කඩෙන් සිවුරක් ගෙන පොරවාගෙන අයියා-මලෝ එක්වී ලක්ෂ 7ක් විදලා"
Leave a reply