සුෂ්මිතා ගැන කට කතා රැසක්

කලාවට, ක්‍රීඩාවට සීමා මායිම් නැත. ඒ සීමා මායිම් නැති ලෝකවල අසීමාන්තික ලෙස පෙමින් බැඳුණ සිත් කෙතරම් ද? පොතක, විශේෂාංගයක පරිච්ඡේද අතරට එක්වන්න තරම් ඒ ආදර කතා සොඳුරුය. සුෂ්මිතා සෙන් සහ වසීම් අක්‍රම් අතර කලක සිට ගොඩ නැගුණේ එබඳු පෙමකි. අලුත්ම ආරංචිවලට අනුව ඒ පෙම මල් දරන කාලය වැඩි ඈතක නැත. හිටපු පකිස්තානු ක්‍රිකට් නායක වසීම් අක්‍රම් හා සුෂ්මිතා සෙන් අතර ආදර කතාවට මුල පිරුණේ 2008 වසරේදීයි. දෙදෙනාම ‘ඒක් ඛිලාඩ්, ඒක් හසීනා” රියැලිටි නර්තන වැඩසටහන විනිශ්චය කිරීමට සහභාගි වූ අතර, එහිදී ඇති වූ සුහද කතාබහ ආදරයකට මුල පිරුවේය.
වසීම් අක්‍රම් කොල්කටා නයිට් රයිඩර්ස් පුහුණුකරුය. පසුගිය වසරේදී සුෂ්මිතා තමන් ලබන වසරේදී විවාහ වන බව කියා සිටියාය. මෙපමණ කලක් රසිකයන්ට බලා සිටින්නට සැලැස්සූ බව ද ඇය වැඩිදුරටත් පවසා තිබේ.
සිනමාපටයෙන්, සිනමාපටයක තාරකාවකගේ පෙම්වතා වෙනස් වන්නා සේ සුෂ්මිතාගේ ජීවිතයේ ද පෙම්වතුන් රාශියකි. සිනමා අධ්‍යක්ෂක වික්‍රම් බාත්, මුඩාසර්
අසීස්, නළු රන්දීප් හූඩා, විසිතුන් හැවිරිදි ව්‍යාපාරික ඉමිතියාස් කැති ඒ අතර සිටිති.
මෑතකදී පුවත් මැවුණේ වසීම් - සුෂ්මිතා පෙම් පුවත ගැන නොවෙයි. පුරා වසර තුනක්ම සුෂ්මිතා, රන්දීප් හූඩා අතර සබඳතාව ගැන ද විවිධ පුවත් පළ විය. මේ ජනවාරියේදී රන්දීප් කිසිවකුª බලාපොරොත්තු නොවූ ප්‍රකාශයක් කළේය. ‘ඇත්තටම මට විශ්ව රූ රැජන සමඟ සබඳතාවක් තිබුණේ නැහැ. ඇයගේ දුව රිනී (හදා ගත් දුව) සමඟ තමයි හොඳම මිත්‍රත්වය පැවැත්වුණේ. මේ බිඳ වැටීම මගේ ජීවිතයට යහපතක් උදා කළා. සුෂ්මිතා නිසා මගේ රංගන ජීවිතයට බාධා එල්ල වූ අවස්ථාත් නොතිබුණාම නොවෙයි.’ ඒ හූඩාගේ ප්‍රකාශයයි.
2011 වසරේදී රන්දීප් හූඩාගේ පෙම්වතිය නීතු චන්ද්‍රා දෙදෙනාගේ විවාහය කල් දැමුවේ රන්දීප් පමණට වඩා සරාගී දර්ශනවල පෙනී සිටීම නිසයි. නළුවකු නොවුණත් වසීම්ට ද සබඳතාවලින් අඩුවක් නැත. මෑතකදී ඔහු ඔස්ට්‍රේලියානු මෝස්තර නිරූපිකාවක සමඟ එක්ව වාසය කරන බවට කරච්චි නුවරින් වාර්තා විය. හතළිස් හය හැවිරිදි වසීම් අක්‍රම් විවාහ වී සිටියේ හියුමා නම් මුස්ලිම් කාන්තාවක සමඟයි. ඔහු පුතුන් දෙදෙනකුගේ පියෙකි. හියුමා 2009 දී අවයව අකර්මණ්‍ය වීමකින් පසු ඉන්දියාවේ ඇපලෝ රෝහලේදී මිය ගියාය. වසීම් හුදකලා වූයේ ඉන් පසුවයි.
සුෂ්මිතාගේ ප්‍රකාශකයා නම් පවසන්නේ දැන්ම ඇයගේ විවාහය සිදුවන බවට කිසිදු පෙර නිමිත්තක් නැති බවයි. එනිසාම පැතිරී යන කතා අසත්‍ය බව ඔහු ප්‍රකාශ කරන්නේය. ‘අප්‍රේල් 24 වැනිදා සුෂ්මිතාට මූම්බායි සන්දර්ශනයට සහභාගිවීමට තිබෙනවා. එවන් අවස්ථාවක ඇය විවාහයකට සූදානම් වේ යැයි කියා සිතන්න බැහැ’ ඔහු පවසයි.
තිස් හත් හැවිරිදි සුෂ්මිතා දරුවන් හදා ගන්නේ වයස අවුරුදු විසි පහේ සිටයි. ඇය මුලින්ම ජිනී දැරිය හදා ගැනීමට ගත් අතර, පසුව මාස තුනක් වයසැති අලීසාට හැදූ මවක වූවාය. දූවරුන් දෙදෙනාම තමන් ඉක්මනින්ම මනාලියක වනවා දැකීමට කැමැත්තෙන් සිටින බව සුෂ්මිතා පවසන්නීය. දැන් දැනුම් තේරුම් ඇති වයසක සිටින රිනී සුෂ්මිතාට මිතුරියක හා සමානය. ඇය තිරයෙන් මෙපිට සැබෑ ජීවිතයේදී සුෂ්මිතා මනාලියක වන දිනය එළඹෙන තුරු ඇඟිලි ගනින්නීය.
අයිශ්වර්යා රායි පරදවා 1994 දී ‘ෆෙමිනා මිස් ඉන්දියා’ වූ සුෂ්මිතා, ඒ වසරේදී විශ්ව රූ රැජන කිරුළ භාරත දේශයට රැගෙන ආවාය. ‘දස් නක්’ (1996) සිනමාපටයෙන් රංගන ජීවිතය ඇරැඹූ ඇය ‘ආන්කේන්’, ‘මේ හූ නා’, ‘මේන් ප්‍යාර් කූන් කියා’ වැනි සිනමාපටවලින් ජනකාන්ත තාරකාවක වූවාය. සුෂ්මිතා රැඟූ ‘බිවි නම්බර් වන්’, ‘ෆිහාල්’, ‘චින්ගාරි’, ‘සින්දගී රෝක්ස්’ බඳු සිනමාපට විචාරක අගැයුමට ලක්වුණි.
සාර්ථක රංගන ජීවිතයකට මුල පුරා තිබුණත් ඇයගේ තාරකා ගමන ඉතා මන්දගාමීය. අවසන් වරට ඇය තිරයෙන් දුටුවේ 2010 දී තිරගත වූ ‘නෝ ප්‍රොබ්ලම්’ සිනමාපටයෙනි.
පසුගිය වසරේ ප්‍රකාශ කළ පරිදි සුෂ්මිතා මේ වසරේදී වසීම්ගේ හෝ වෙනත් අයකුගේ මනාලිය වනු ඇත. එය එසේ වුවහොත් ඇය සැරසෙනු ඇත්තේ ක්‍රිස්තියානි ක්‍රමයේ විවාහ මංගල්‍යයකටය. එය ඇයගේ ළමා වියේ සිහිනයකි.
වයස අවුරුදු දහ අටක් තරම් වූ නව යොවුන් වයසේදී ‘සුෂ්’ගේ පෙම්වතා වූයේ රාජත් තාරාය. එහෙත් ඇය විශ්ව රූ රැජන කිරුළ දිනූ පසු ඒ පෙම දෙදරා ගියේය. ‘දුල්හා මිල් ගයා’ දර්ශන තලයේදී හමු වූ මුඩාසර් අසීස් ඇයගේ ඊළඟ පෙම්වතා විය. ඒ පෙමට ද එතරම් ආයුෂ නොතිබුණි. විශ්ව රූ රැජන ලෙස කිරුළු පැළඳ සිනමාවට පිවිසි ‘සුෂ්’ තවමත් රඟපා ඇත්තේ සිනමාපට තිස් තුනක පමණි. එහෙත් විශ්ව රූ රැජන තරගයේදී ඇයට පැරැදුණු අයිශ්වර්යා රායි මේ වන විට ලෝක සිනමාවේ ද දිදුලන තාරකාවකි. මවු පදවිය ලැබීම නිසා ඈෂ් ද 2010 වසරේ සිට තාවකාලිකව සිනමාවෙන් දුරස් වී සිටින්නීය.




mmm..........
ReplyDelete