ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

හිටපු ඇමරිකානු ජනපති සරාගී ලලනාවන්ට මැදිවේ


ඇමරිකාවේ 41 වන ජනාධිපතිවරයා වූ ජෝර්ජ් හර්බට් වෝකර් බුෂ් එහෙමත් නැත්නම් යුද්ධයට නම් දරාපු ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ්ගේ පියා පසුගියදා සුරූපී තරුණ ලලනාවන් රොත්තකට මැදිවූ පුවතක් අන්තර් ජාලයේ පැතිරී ගියා.

එම සිදුවීම මෙසේයි.

රෝගාතුරවී රෝද පුටුවෙන් යන හිටපු ඇමරිකානු ජනාධිපතිවරයාට ඔල්වරසන් දෙන කණ්ඩායමක් තෝරා ගැනීමේ උත්සවයකට සහභාගී වීමට පසුගියදා ආරාධනා ලැබී තිබුණා. ඒ Hඔඋස්ටොන් ඨෙxඅන්ස් චීර්ලේඩෙර්ස් නැමති ඔල්වරසන් දෙන කණ්ඩායමට 2013 වසරේදී තෝරාගත් පිරිස එළි දැක්වූ උත්සවයට. මෙම කණ්ඩායමට පැමිණීමට තරුණියන් 900 දෙනෙකු පමණ පොර කෑ බවත් ඉන් තෝරා ගනු
ලැබුවේ 34 දෙනෙකු පමණක් බවත් සඳහන්.

මෙම උත්සවයට හිටපු ජනාධිපතිවරයා පැමිණුනේ ඇමරිකානු ධජය දැක්වෙන මේස් කුට්ටමක්ද පැළඳ ගෙනයි. ඔහු මෙම තරුණියන්ට රතු රෝස මලක් බැගින්ද තෑගි කර තිබෙනවා.

අන්තර් ජාල ඡායාරූපවල දැක්වෙන්නේ 88 හැවිරිදි ජෝර්ජ් හර්බට් වෝකර් බුෂ් මෙම තරුණියන් සමග ඉතාමත් සතුටින් කාලය ගතකළ ආකාරයයි.

තමා පසුගියදා රෝගාතුර වී සිටි අවස්ථාවේ තමාගේ සුවදුක් සොයා බැලීම පිළිබඳවද මෙහිදී හෙතෙම මෙම ළඳුන්ට තුති පුද කර තිබෙනවා.

ජෝර්ජ් හර්බට් වෝකර් බුෂ් 1989 සිට 1993 දක්වා ඇමරිකාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළා.

වීඩියෝ සහ ඡායාරූප මෙන්න (අවසාන ඡායාරූපය හෙතෙම ඇමරිකානු ජනාධිපතිවරයා වූ සමයේ ගත්තකි.)

vimasuma.com





Posted in:

0 comments for "හිටපු ඇමරිකානු ජනපති සරාගී ලලනාවන්ට මැදිවේ"

Leave a reply