ගෝල්ඩන් කී තැන්පත්කරුවෝ තවත් උගුලක: අමුත්තෝ දෙදෙනෙක් හිස් කොළයකට අස්සන් ගනිති

ගෝල්ඩන් කී සමාගමෙන් මුදල් ලැබිය යුතු 9000කට ආසන්න තැන්පත්කරුවන් පිරිසක් සිටියදී 400ක් වැනි ඉතා සීමිත පිරිසකගෙන් හිස් කොළයක අත්සන් ලබාගනිමින් බහුතරයක් අකමැති ගෙවීම් ක්‍රමයට එකඟ වන ලෙස ඉල්ලා ඉකුත්20 දා දෙහිවල ජයසිංහ ශාලාවේ දී නීත්‍යානුකූලව ලියාපදිංචි නොවූ සංගමයක සභාපතිවරයෙක් යැයි කියාගන්නා අයෙක් හා තැන්පත්කරුවන්ගේ සංගමයේ උප සභාපතිවරයෙක් රැස්වීමක් පවත්වා තිබේ.
මේ රැස්වීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් 500ක මුදලක් අය කර ගෙන ඇති අතර, මුදල් ගෙවීමට අපොහොසත් වූ අසරණ තැන්පත්කරුවෝ 150 දෙනෙක් පමණ ශාලාව තුළට ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.
පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පවත්වා ඇති මේ රැස්වීම පිළිබඳ තැන්පත්කරුවෝ විමතිය පළ කර ඇති අත ර, එහිදී බෙදාහැරුණු පෝරමයේ කරුණුවලට එකඟ බවට අත්සන්
තබන ලෙස ද ගෝල්ඩන් කී සමාගමේ අධ්‍යක්ෂකවරුන් ලෙස ශ්‍රී ලංකා මහා බැංකුව විසින් නම් කළ මොවුන් දෙපල අදාළ තැන්පත්කරුවන්ට දන්වා ඇත.
එමෙන්ම මේ ගෙවීම් සැලැස්ම පිළිබඳ සම්පූර්ණයෙන්ම තැන්පත්කරුවන් නොමග යවන ප්‍රකාශ නිකුත් කිරීමට කටයුතු කර ඇති මොවුන්, මුදල් නොලැබෙන බවත්, ලක්ෂ 600ක් අලුතෙන් ස්ථාපිත කරන ගෝල්ඩන් කී සමාගමට බැර කරන බවත් දන්වා තිබේ.
ආරම්භ කෙරෙන මෙම නව සමාගමෙහි රුපියල් 100ක වටිනාකමක් තුළ රඳවා කොටස් නිකුත් කිරීමට නියමිත බව මෙහිදී ඔවුන් දන්වා ඇති අතර, මේ පිළිබඳව අප්‍රසාදයට පත් ඇතැම් තැන්පත්කරුවෝ එම අවස්ථාවේ දී ම විරෝධය පළ කර ඇත.
මූල්‍ය පරිපාලනයක් පිළිබඳව කිසිදු දැනුමක් නොමැති පිරිසක් පත්කරමින් මහා බැංකුවේ මූල්‍ය රෙගුලාසිවලට පටහැනිව කටයුතු කරමින් ද තැන්පත්කරුවන් නොමග යැවීමේ ක්‍රියාවලියක නිරතවීම පිලිබඳව එම ගෝල්ඩන් කී තැන්පත්කරුවෝ දැඩි කණගාටුව පළ කරති.
මේ වන විට තැන්පත්කරුවන්ට අවශ්‍යව ඇත්තේ සමාගම්වල කොටස් නොව ජීවත්වීමට මුදල් බැවින් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ මැදිහත්වීම යටතේ කඩිනම් සහනයක් බලාපොරොත්තු වන බවද අසරණ භාවයට පත් තැන්පත්කරුවෝ වැඩිදුරටත් දන්වා සිටිති.
Aparade C.J.ta hoo kiyala rathigngna pattu karala nadagam natuwe!
ReplyDelete