ප්‍රීටි සින්ටා ක්‍රිකට් ජයෙන් ප්‍රීතිය ඉතිරෙයි

ඉන්ඩියන් ප්‍රිමියර් ලීග් හෙවත් අයි. පී. එල්. ක්‍රිකට් වසන්තය නැවතත් උදාවෙලා. මෙහි දස්කම් පාන සමහර ක්‍රිකට් කණ්ඩායම්වල අයිතිකරුවන් වන්නේ බොලිවුඩ් සුපිරු තරු බව නොදන්නේ කවුරුන් ද? මේ තරගාවලියට එක්ව සිටින ‘කිංස් ලෙවන් පන්ජාබ්’ ක්‍රිකට් කණ්ඩායමේ සම අයිතිකරුවන් වන්නේ සුරූපී නිළි ප්‍රීටි සින්ටා සහ ව්‍යාපාරික නෙස් වාඩියායි.
මීට වසර කීපයකට කලින් නෙස්, ප්‍රීටිගේ පෙම්වතා වී සිටියා. ඒත් පසුව මේ දෙදෙනා දුරස් වුණා. ඒ වුණත් තම තමන්ගේ බැංකු ගිණුම්වලට ගලා එන ධනස්කන්ධය නිසාදෝ අයි. පී. එල්. තරගාවලියේ දී මේ දෙදෙනා එකට එකතු වී ‘කිංස් ලෙවන් පන්ජාබ්’ පිලට දිරිය ලබා දෙනවා.
පසුගිය 7 දා පැවැත්වුණු ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ ‘කිංස් ලෙවන් පන්ජාබ්’ පිල ජයග්‍රහණය කර තිබුණා. ඔවුන් එලෙස ජයගෙන තිබුණේ මුල්ම වතාවටයි. ‘පූන් වොරියර්ස්’
පිල පරාජය කරමින් මෙලෙස ලැබූ ජයග්‍රහණය එහි අයිතිකරුවන් වන ප්‍රීටිටත් නෙස්ටත් සුවිශේෂයි.
මේ ගැන ඔවුන් දෙදෙනා අතිශය ප්‍රීතියට පත්ව සිටිනවා. “අපේ කණ්ඩායමට ක්‍රීඩා කරන්නේ අති දක්ෂ ක්‍රීඩකයන් පිරිසක් විවිධ රටවල ක්‍රීඩකයන් වගේම ඉන්දියානු ක්‍රීඩකයෝත් මෙහි ඉන්නවා.
මේ අය හැමෝම ක්‍රිකට් ලෝකයේ දැවැන්තයෝ. මං හිතනවා මේ අයට ‘කිංස් ලෙවන් පන්ජාබ්’ පිල ජයග්‍රහණයෙන් ඉදිරියට ගෙනියන්න පුළුවන් වේවි ය කියලා. ප්‍රීටි මෙලෙස පැවසුවේ ජයග්‍රහණයෙන් පසුව මාධ්‍යවේදියකු සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදීයි.
ජයග්‍රහණය ලැබූ මොහොතේ දී ප්‍රීටි සමඟ උඩ පනිමින් කෑගැසු කුඩා ළමයින් දෙදෙනා වෙත වැඩි දෙනකුගේ දෙනෙත් යොමුවී තිබුණා. ඒ කවුරුන්දැයි මාධ්‍ය හිතවතා ඇයගෙන් ඇසුවා.

“එක්කෙනෙක් මගේ අයියාගෙ පුතා. නීල්. ගෑනු ළමයා මගේ යාළුවකුගෙ දුවක්. නම ඉනායා. ඒ දෙන්නා හරිම හුරතල්. මගේ ගාවින්ම ඉඳගෙන හිටියා.
මැච් එකේදි මම ගොඩක් වෙලාවට හිටගෙනමයි හිටියේ. බැරි වෙලාවත් මම ඉඳගත්ත ගමන් අපේ කණ්ඩායමේ විකට් එකක් යනවා. ඒ නිසා හිටගෙනම හිටියා.” ප්‍රීටි මහහඬින් සිනාසෙන අතරේදී කියා සිටියා.
ප්‍රීටි ඒ මොහොතේදී නෙස්ව වැලඳගෙන ජයග්‍රහණයෙන් උදම් වූ අයුරු කාටත් දකින්නට ලැබුණා. මේ ගැන දැන් නොයෙක් කටකතා පැතිරිලා. “ඕවා පිස්සු කතා. නෙස්ව බදාගත්තම මොනව වෙනව ද? එහෙම කළේ සතුටට.
මුල්ම වතාවට අපේ කණ්ඩායම දිනුවාම සතුටු නැද්ද? අපි දෙන්නා මේ ජය බලාපොරොත්තුවෙන් ගොඩක් වැඩ කළා. ඉතින් බලාපොරොත්තු ඉටුවුණාම මට නම් කියාගන්න බැරි සතුටක් ඇතිවුණා.” ප්‍රීටි ප්‍රීතිමත් සිනහව මැද්දේ කියා සිටියා.
මේ සුරූපිනියගේ සිහිනය අයි. පී. එල්. කුසලානය තම පිලට හිමි වනු දැකීමයි.



0 comments for "ප්‍රීටි සින්ටා ක්‍රිකට් ජයෙන් ප්‍රීතිය ඉතිරෙයි"
Leave a reply