සීනි ඇමැති, තේ කොළ ඇමැති කිය කියා විහිළු කරපු අයට එදාට තරු පෙනෙයි’
‘මහවැලියේ ඉඩම්වල වගා කරන්න පුළුවන් වෙන්නේ වී විතරයි. ඒක තමයි සම්මත
නීතිය. එහෙම නැති වුණොත් පිටරටින් තමයි හාල් ගේන්න වෙන්නේ. හාල් සේරුවටත්
ආණ්ඩුව පෙරළුණු රටක් බව මතක තියාගන්න’ යි සීනි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන්
සෙනෙවිරත්න මහතා පැවැසීය.
ඒ මහතා එසේ කීවේ ඉකුත් දා සෙවණගල සීනි කර්මාන්තායතනයේ මේ වසර වෙනුවෙන් උක් අස්වනු නෙළීම සඳහා සහභාගි වෙමින් ය.
‘මගේ
අමාත්‍යාංශ තමයි සීනි සංවර්ධන අමාත්‍යංශය මේකට ගොඩක් අය හිනා වුණා. එක එක
දේවල් කිව්වා. හැබැයි ඒ දේවල් කිව්වේ මේකේ වටිනාකම දැනගෙන නෙවෙයි. පිටරටින්
සීනි ගේන්න අපිට අවශ්‍ය නෑ
යි කී ඇමැතිවරයා ඉදිරියේ දී සීනිවලින් රට
ස්වයංපෝෂිත වෙනවා. විදේශයට ඇදී යන මුදල කෝටි ගණනක් මේ රට තුළ ඉතුරු කරගන්න
එක මගේ එක ම ඉලක්කය. උක් ගහ කියන්නේ කප්රුකක්, සීනි ඇමැති, තේ කොළ ඇමැති
කිය කියා විහිළු කරපු අයට එදාට තරු පෙනෙයි’ යයි ඔහු වැඩිදුරටත් පැවැසීය.
0 comments for " සීනි ඇමැති, තේ කොළ ඇමැති කිය කියා විහිළු කරපු අයට එදාට තරු පෙනෙයි’ "
Leave a reply