තායිලන්ත - කාම්බෝජ දේශ සීමා අලලා සැකසූ චිත්‍රපටයක් වාරණයට
එවැනි ක්‍රියාමාර්ගයක් ගෙන තිබෙන්නේ, එම නිර්මාණය රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් යයි පවසමින්.
තායිලන්ත සංස්කෘතික අමාත්‍යංශයේ නිලධාරියෙක් ප්‍රංශ පුවත් සේවයකට අදහස් දක්වමින්, තහනමට ලක් කෙරුණ චිත්‍රපටයේ අන්තර්ගතය ජාත්‍යන්තර සම්බන්ධතාවන්ට
හානිකර බලපෑමක් ඇති කිරීමට ඉඩකඩ ඇතැයි කියා සිටියේය.
"Boundary" නම් එම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා කියා සිටින්නේ, වාරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අදහස් කරන බවයි.
ඓතිහාසික විහාරයක් ( Preah Vihear temple) ටෙම්ප්ලේ අසල හටගත් ගැටුම් වලින් හානියට පත් පුද්ගලයන් පිළිබඳව ගවේෂණයක් කරන "Boundary"චිත්‍රපටයෙන්, 2010 වසරේ පැවති දේශපාලන අර්බුදයෙන් බැංකොක් අගනුවර සම්පූර්ණයෙන්ම ඇන හිටින ආකාරයද සාකච්චා කොට තිබේ

0 comments for "තායිලන්ත - කාම්බෝජ දේශ සීමා අලලා සැකසූ චිත්‍රපටයක් වාරණයට"
Leave a reply