ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

තංගල්ලේදී පෙම්වතා මරා තමාව දූෂණය කෙරුන රුසියානු තරුණියගේ කතාව

පසුගිය කාලයේදී මෙරට මෙන්ම ජාත්‍යන්තරයේ පුවත් මැවූ දේශපාලකයෙකුගේද මැදිහත්වීම මත තංගල්ලේදී ඝාතනය කෙරුණු බ්‍රිතාන්‍යය ජාතික තරුණයාගේ පෙම්වතිය වන රුසියානු ජාතික තරුණිය තමන් මුහුණ දුන් ත්‍රාසජනක සිද්ධිය පිළිබඳව බ්‍රිතාන්‍යය පුවත් පතකට හෙළිදරව්වක් කර තිබේ.

24 හැවිරිදි යෞවනියක වන වික්ටෝරියා අලෙක්සන්ද්රෝව්නා බ්‍රිතාන්‍යයේ “ද සන්ඩේ ටයිම්ස්“ පුවත් පතට පවසා තිබෙන්නේ තමා මුහුදු වෙරළේ සිටින අවස්ථාවක පිරිමි රංචුවක් තමා සිටින ස්ථානයට පැමිණි බවත් පසුව තමා හෝටලයට දිවයන විට ඔවුන් තමාට එළවා පහර දුන් බවයි.

2011 වසරේ දෙසැම්බර් මාසයේදී ඇය සහ ඇයගේ පෙම්වතා වන 32 හැවිරිදි කුරාම් ෂෙයික් නැමති රතු කුරුස සේවකයා නිවාඩුව ගත කරමින් සිට ඇත්තේ තංගල්ලේ හෝටලයකයි.

ඇයට ඔහුව උතුරු කොරියාවේදී මුණ ගැසුණු බවත් පසුව ප්‍රේම
සම්බන්ධයක් ගොඩනගා ගත් බවත් ඇය පවසා තිබේ.

තංගල්ලේදී ඇතිවූ සිදුවීමේදී ෂෙයික් ඝාතනය කෙරුණු අතර ඒ පිළිබඳව ලෝකයේම අවධානය යොමුවිය.

“ඔවුන් මට පහර දෙන්න පටන් ගත්තා. මම බිමට වැටුණා. මගේ අත් දෙකින් මම ඔලුව වසා ගත්තා, ඒ නිසා, මට කිසිවෙකු දිහා බලන්න හැකිවුණේ නෑ.“ යනුවෙන් ඇය බ්‍රිතාන්‍යය පුවත් පතට පවසා තිබේ. පසුව තමාව පිහිණුම් තටාකයට තල්ලු කළ බවත් පිහිණුම් තටාකයෙන් බේරී පලා යාමට තමා උත්සාහ ගත් නමුත් එයට ඔවුන්ගෙන් අවස්ථාවක් නොලැබුණු බවත් ඇය මෙහිදී පවසා ඇත. කෙසේවෙතත්, පිහිණුම් තටාකයේ තවත් පැත්තකින් තමන් එළියට පැමිණි බවත් තම පෙම්වතා බිම වැටී සිටින අයුරු තමන්ගේ නෙත ගැටුණු බවත් ඔහුගේ නම කියා කෑගැසූවත් ඔහු ප්‍රතිචාර නොදැක්වූ බවත් ඇය කියා ඇත.

සිය පෙම්වතාට සිහිය ලබාගැනීම සඳහා තමා උපරිම උත්සාහයක් ගත් නමුත් එය කිරීමට නොහැකි වූ බව ඇය පවසා තිබේ.


එවිට, තමා කෑගසනු මතක නමුත් ඉන් අනතුරුව තමාට සිහිය නැතිවූයේ යැයි සිතන බවත් එතැනින් පසුව තමාට කිසිවක් මතක නැති බවත් මෙම රුසියානු තරුණිය සිය අනුවේදනීය අත්දැකීම විස්තර කරමින් හෙළිදරව් කර ඇත.

පුවත් පත වාර්තා කරන්නේ ඇයව දූෂණයට ලක්ව තිබෙන්නේ ඉන් අනතුරුව යැයි පෙනෙන්නට තිබෙන බවයි. ඇයට නැවතත් කල්පනාව පැමිණෙන්නේ රෝහලක් තුළට ඇය රැගෙන ආ පසුවයි.

මේ අවස්ථාවේ ඇයගේ යට ඇඳුම නොමැති වීමත් අනුන්ගේ ඇඳුමක් අන්දවා තිබීමත් ඇයව දූෂණය වූ බවට සාක්ෂි සපයන බව පුවත් පත සඳහන් කර ඇත.

පොලිස් වාර්තාවලට අනුව සඳහන්වූයේ වික්ටෝරියා හෝටලයේ කාමරයක් තුළ නිරුවත්ව සිහිය නොමැතිව සිටියදී පසුදා උදෑසන සොයා ගෙන තිබුණ බවකි.
ඇගේ රහස් ප‍්‍රදේශ සීරීම් තුවාල වලට ලක්ව ඇති අයුරුත් පිරිසක් විසින් සමූහ දුෂණයට ලක්කර ඇති බවත් සොයාගත්තා.
සිද්ධියට සැකපිට තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ ඇතුළු අට දෙනෙකු අත්අඩංගුවට ගත් නමුත් ඔවුන් මිනීමැරුමට සාක්ෂි නැති බව පවසා පසුව මුදා හැරුණා. වික්ටෝරියා ¥ෂණයට ලක් කළ අය හඳුනාගැනීම සම්බන්ධයෙන් ඞීඑන්ඒ වාර්තාවක් ලැබෙනතුරු පොලිසිය තවමත් සිටින අතර සිද්ධියවී වසරකට පසුත් ඒ ගැන වාර්තාව තවම ලැබුනේ නැති බව පසුගිය මාසයේ දන්වා තිබෙන බව වික්ටෝරියා බි‍්‍රතාන්‍ය පුවත්පතට හෙළි කර තිබෙනවා.



ඡායාරූපයේ සිටින්නේ මෙම බිහිසුණු අත්දැකීමට මුහුණ දුන් රුසියානු තරුණියයි.


Posted in:

0 comments for "තංගල්ලේදී පෙම්වතා මරා තමාව දූෂණය කෙරුන රුසියානු තරුණියගේ කතාව "

Leave a reply