ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

විදේශගත වූ මව යළි ගෙන්වා දෙන්නැයි දරු දෙදෙනා උපවාසයක

මාස 10කට පෙර විදේශගත වූ තම මව යළි මෙරටට ගෙන්වා දෙන ලෙස ඉල්ලා විදේශගත වූ කාන්තාවකගේ දරු දෙදෙනා ඇතුළු පවුලේ සාමාජික සාමාජිකාවන් පිරිසක් 24දා පෙරවරුවේ සිට හලාවත විදේශ සේවා කාර්යාංශ කාර්යාලය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කර තිබේ.

හලාවත කරවිටාගාර ප‍්‍රදේශයේ පදිංචි කේ. ඒ චන්ද්‍රානි නිරෝෂා නමැති කාන්තාවක් මාස 10 කට පෙර කුරුණෑගල පිහිටි විදේශ රැකියා සපයන ආයතනයක් හරහා ජෝර්දානයේ රැුකියාවක් සඳහා පිටත්ව ගොස් ඇති අතර ගත වඋ මාස 10ක කාලය තුළ ඇය කිසිදු මුදලක් දරු පවුලේ නඩත්තුව වෙනුවෙන් එවා නැත. ඇය විදේශගත වීම නිසා දරුවන්ගේ වගකීම් භාරගත් ඇගේ මව ද රෝගී තත්ත්වයෙන් පෙලීම නිසා ජීවත්වීමේ ගැටලූ රැුසකට මුහුණපෑමට ඔවුන්ට
සිදු වී තිබේ.

මේ නිසා අවුරුදු 9 හා 5 යන වයස්වල පසුවන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ද අඩාළ වී ඇතැයි උපවාසයේ යෙදී සිටින පිරිස ප‍්‍රකාශ කර සිටී. උපවාසයේ යෙදී සිටි 9 හැවිරිදි ලක්ෂිත උදයකුමාර නමැති දරුවා අධික වමනය හා ක්ලාන්ත වීම නිසා ඊයේ දහවල් හලාවත රෝහලට ඇතුළත් කර තිබේ. විදේශගත වූ තැනැත්තිය ගෙන්වා දෙන මෙන් වගකිව යුතු අංශ වෙත අවස්ථා කිහිපයක දී ම දැනුම් දුන්නත් ඒවා ඉටු නො වීම නිසා මෙම උපවාසය ආරම්භ කළ බව උපවාසයේ යෙදී සිටින පිරිස ප‍්‍රකාශ කරති.

Posted in:

0 comments for "විදේශගත වූ මව යළි ගෙන්වා දෙන්නැයි දරු දෙදෙනා උපවාසයක"

Leave a reply