ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

දුමින්දගේ ආරක්ෂාවට සිටි නිලධාරීන් 14 දෙනා ඉවතට


කොළඹ නවලෝක රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටි සැකකාර පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා ඇප මත මුදා හැරීමත් සමඟ ම ඒ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි බන්ධනාගාර නිලධාරීන් 14 දෙනා ඉවත් කර තිබේ.

භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු සිවු පුද්ගල ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් දුමින්ද සිල්වා මහතා ඇතුළු සිවු පුද්ගල ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් දුමින්ද සිල්වා මහතා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ඉකුත් මාර්තු 05 වැනිදා ය. එදින සිට පසුගිය 24 දින දක්වා සැකකාර මන්ත‍්‍රීවරයා
වැලිකඩ බන්ධනාගාරයේ නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ පසුවිය.

කණ්ඩායම් දෙකක් වශයෙන් පැය විසි හතරක් මුළුල්ලේ ම මෙම ආරක්ෂාව යොදවා තිබුණි.

ජේලර්වරුන් දෙදෙනෙකු බාරයේ බන්ධනාගාර නියාමක නිලධාරීන් දොළොස් දෙනෙකුගේ ආරක්ෂාව මත සිටි සැකකාර මන්ත‍්‍රීවරයාට ඇප ලබාදීමත් සමඟ ම බන්ධනාගාර නිලධාරීන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

Posted in:

0 comments for "දුමින්දගේ ආරක්ෂාවට සිටි නිලධාරීන් 14 දෙනා ඉවතට"

Leave a reply