ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

සමණළ තටු දුලංජලීට කකුලෙන් ලියා ඕ ලෙවල් ඒ 6 යි


සමණළ තටු චිත‍්‍රපටයේ ර`ගපෑ දෑත් අහිමි සි`ගිත්තිය දුලංජලී ආරියතිලක ළ`ගදී ප‍්‍රතිඵල පිටවූ   ඕ ලෙවල් විභාගය ඉහළින්ම සමත් වෙලා.
කටුකුරුන්ද රෝමානු කතෝලික විද්‍යාලයේ ඉගෙනගන්නා ඇයට ඒ හයයි බී දෙකයි සී එකයි.
දෑත් අහිමි වුවත් දිරියෙන් ඉගෙන ගත් ඇයට පාදයෙන් ලස්සණට අකුරු ලියන්නත් පුළුවන්. කටුකුරුන්දේ පිහිටි මාර්ක් ශ‍්‍රී ළමා නිවාසයේ වාසය කරන ඈව තමන්ගේ දරුවෙකු මෙන් රැුකබලාගන්නේ ජුලියන් තිසේරා පියතුමා සහ රීටා පෙරේරා මෑණියන්.
ඇය පරිගණක ග‍්‍රැෆික් නිර්මාණය  ඕගන් වාදනය වැනි සියුම් වැඩට පවා දක්ෂකම් දක්වන්නියකි.
උසස් පෙළ වාණිජ්‍යය විෂය ධාරාවෙන් හැදෑරීමට බලාපොරොත්තුවෙන්
පසුවන දුලංජලී අනාගතයේ ග‍්‍රැෆික් නිර්මාණ ශිල්පිනියක් වන්නට සිහින මවනවා.
‘ ඕනෑම දෙයකට උනන්දුවක් තියනවා නම් ඒක ඉටු කරගන්න පුළුවන් සිතේ පවතින අධිෂ්ඨාන බලය තමා ඒකට වැදගත් වෙන්නේ. මං කවදාහරි ඉදිරි කඩඉම් සියල්ලත් මේ විදිහට ජයගන්නවා’ ඇය කියා සිටිනවා.

gossiplanka



Posted in:

0 comments for "සමණළ තටු දුලංජලීට කකුලෙන් ලියා ඕ ලෙවල් ඒ 6 යි"

Leave a reply