පෙම් හුට්ටබප්පරය නිසා චතුරිකා පීරිස්ට බලය සහ ජවය අහිමි වෙලා
මෙම පුවත බොරුවක් බව ඇය පුවත්පත් මාධ්‍යයට පුන පුනා කියමින් ප‍්‍රකාශ කළේ මේ කතාව මඩක් බවත් ඇයට එවැනි සම්බන්ධයක් නැති බවත්ය. නමුත් මාස දෙකතුනක් යන්නට පෙර ඇය ගැන ගෙතුණු කථාව සනාථ කරමින් ඇය පෙරකී නළුවා සමග විදේශ සංචාරයක ගොස් එම ඡායාරූප වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රචලිත වීමෙන් පසු ඇයගේ පුද්ගලික ජීවිතය පිළිබඳ ඇතැමුන් කථා කලේ අප‍්‍රසාදයෙනි.
නෙස්ලේ සමාගමේ ප‍්‍රකට වෙළෙඳ නාමයක් වන ‘නෙස්ටමෝල්ට්’ ලාංඡුනයේ සන්නාම තානාපති ලෙස වසරින් වසර අලූත්
කරමින් වසර 5 කට ආසන්න කාලයක් ‘බලය ජවය ශක්තිය’ යන තේමාවද සමග කටයුතු කළ චතුරිකාට එම තානාපතිකම සම්බන්ධ ගිවිසුම මේ වසරේ සිට අලූත් නොකරන්නට එම සමාගම තීරණය කර ඇතැයිද එය අහිමිව ඇති බවද ආරංචි වෙනවා.
මෙම අහිමිව යාමට ආසන්නම හේතුව ඇගේ පෞද්ගලික ජීවිතයේ ඇතිකරගත් ගැටුම් නිසා ලාංඡුනයේ කීර්තියටද එය අහිතකර ලෙස බලපෑම බව සැක කෙරෙනවා.
ගිවිසුම් අවසන් වන දිනය මේ වසරේ අග භාගයේ පවතින බවත් ඒ වනතුරු පමණක් චතුරිකාගේ දැන්වීම් පළවනු ඇති බවත් වාර්තා වනවා

0 comments for "පෙම් හුට්ටබප්පරය නිසා චතුරිකා පීරිස්ට බලය සහ ජවය අහිමි වෙලා"
Leave a reply