විහාරාධිපති හිමිනමගේ ඝාතනයේ සැකකරු මොරටුව උප නගරාධිපති පැමිණි අවස්ථාවේදී නගර සභා භූමියේ උණුසුම් තත්ත්වයක්
මොරටුව එගොඩ උයන සුනන්දෝපනන්දරාම විහාරාධිපති හිමිනමගේ ඝාතනයේ සැකකරුවෙකු වන මොරටුව නගර සභාවේ උප නගරාධිපතිවරයා අද 26දා නගර සභා රැස්වීමට සහභාගි වීමට පැමිණි අවස්ථාවේදී නගර සභා භූමියේ උණුසුම් තත්ත්වයක් හට ගැනීමත් සමග බන්ධනාගාර නිලධාරීන් ඔහුව එම ස්ථානයෙන් රැගෙන ගොස් තිබේ.
සුනන්දෝපනන්දාරාම විහාරාධිපති හිමිනමගේ ඝාතනයේ සැකකරුෙවකු වන මොරටුව උපනගරාධිපති සුජිත් පුෂ්පකුමාර මහතා රිමාන්ඩ් භාරයේ සිටියි.
සැකකාර උප නගරාධිපතිවරයා රැගත් බන්ධනාගාර බස් රථය නගර සභා භූමියට ඇතුළත් කළ අවස්ථාවේදී එම ස්ථානයේ රැස්ව සිටි භික්ෂුන් වහන්සේ ඇතුළු විශාල පිරිසක් උප නගරාධිපතිවරයාට බසයෙන් බැසීමට ඉඩ නොදී විරෝධතාවයේ නිරත වූ බව පොලීසිය කියයි.
උප නගරාධිපතිවරයාට සහය පළ කළ පිරිසක් ද එම ස්ථානයේ
සිටි නමුත් ඇති වු නොසන්සුන්කාරී වාතාවරණය යටතේ සැකකාර උප නගරාධිපතිවරයා බන්ධනාගාර බස් රියෙන්ම යළි රැගෙන ගොස් තිබේ.
මෙම උණුසුම් තත්ත්වය හමුවේ නගර සභා රැස්වීම ද අද නියමිත වේලාවට ආරම්භ කිරීමට හැකි වී නැතැයි අනාවරණය වේ.
මොරටුව එගොඩ උයන සුනන්දෝපනන්ද විහාරාධිපති මැටිගහතැන්නේ විමලවංශ නාහිමියෝ ආයුධ සන්නද්ධ සාහසිකයන් පිරිසක් විසින් පසුගිය පෙබරවාරී මස 02 වැනිදා රාත්‍රී කපා කොටා ඝාතනය කර තිබුණි. ඝාතනයට ලක් වන විට උන් වහන්සේ 46 වැනි වියේ පසුවිය.
ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් මොරටුව පොලීසියට පැමණිල්ලක් කර ආපසු පැමිණෙමින් සිටියදී බෝධිය හා බුදු මැදුර අසළ සැඟවී සිට ඇති ඝාතකයින් කිහිප දෙනෙකු විහාරස්ථාන බෝමළුව ඉදිරිපිටදී එදින රාත‍්‍රී 9.30ට පමණ මෙම ඝාතනය සිදු කර තිබුණි.
ඝාතනයට ප‍්‍රාදේශීය දේශපාලඥයෙක් සම්බන්ධ බවට තොරතුරු වාර්තා වූ අතර ඒ අනුව සැකපිට මොරටුව උප නගරාධිපතිවරයා ද පසුදින සවස අත්අඩංගුවට ගැනිණ.
0 comments for " විහාරාධිපති හිමිනමගේ ඝාතනයේ සැකකරු මොරටුව උප නගරාධිපති පැමිණි අවස්ථාවේදී නගර සභා භූමියේ උණුසුම් තත්ත්වයක් "
Leave a reply