ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

උණවටුණේ හෝටලයක ප්‍රංශ ප්‍රංශ අතවරයක්


උණවටුණේ ප්‍රංශ ජාතිකයකුගේ හෝටලයකට ආ ප්‍රංශ තරුණියන් දෙදෙනකුට අතවර කළැයි සැක පිට  ප්‍රංශ හෝටල් හිමියෙක් අත්අඩංගුවට ගනු ලැබීය.
දෙදිනකට පමණ පෙර මේ සිද්ධිය වී ඇතැයිද කොළඹ  ළමා හා කාන්තා කාර්යාංශය උණවටුණට ගොස්  පරීක්ෂණ පවත්වා ප්‍රංශ ජාතිකයා හබරාදුව පොලිසියට බාර දෙනු ලැබීය.
ප්‍රංශ කතුන් දෙදෙනා උණවටුණ හෝටලයේ නැවතී සිටි බවත් හෝටල් හිමියා ඔවුන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් සදහා නිවසට ආරාධනාකර ඇතැයි කියති.
 මත් පැන්ද පානය කර සිටි තරුණියන් දෙදෙනා එම ඇරයුම පිළිගෙන ඇති බවත් එම නිවසේදී එක් කාන්තාවක් අනික් කාන්තාව නාවා ඇදට දමා ඇති බවත් ඇගේ අඟේ නුල් පොටක් වත්
නොතිබු බව පොලිස් වාර්තාවල සදහන්ය.
එක් කාන්තාවගේ පැමිණිල්ල වනුයේ තමා තමා නිදා සිටියදී කිසිවකු  යට ඇදුම ඉවත් කර අතවර කර ඇති බවයි. අනෙක් කාන්තාව සදහන් කර ඇත්තේ කවුදෝ මිනිසකු  තමාගේ ඇගපත අතගානු  නින්දෙන් දැණුනු බවයි.කොට්ටේ යට  තිබු තම මුදල් පසුම්බිය එතැනින් ඉවත් කර ඇති බවත් එහි තිබු රුපියල් දස දසහසක්  සොරාගෙන ඇති බවත් ඇය කියා ඇත.
 මේ සිද්ධිය ගැන පැමිණිලි කිරීමට ගාල්ල පොලීසියට ගිය නමුත් එහිදී පැමිණිල්ල ලියාගෙන නැතැයිද උණවටුණ හබරාදුව පොලිස් වසමේ පිහිටි හෙයින් එහි ගොස් පැමිණිලි කරන බව පැවසු බව කියති. පොලීසිය  ක්‍රියාත්මක වී ඇත්තේ එම කාන්තාවන් දෙදෙනා කොළඹ ප්‍රංශ තානාපති කාර්යාලයට දැන්වීමෙන් පසු බවද දැනගන්නට ඇත.
ගාල්ල පොලිස් අධිකාරී  ලලිත් පතිනායක මහතාගේ උපදෙස් පරිදි හබරාදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් වලල්ලාවිට මහතා පරීක්ෂණ මෙහෙයවයි.

Posted in:

0 comments for "උණවටුණේ හෝටලයක ප්‍රංශ ප්‍රංශ අතවරයක්"

Leave a reply