අධිවේගයේ මේ දක්වා මරණ 7ක්
එහිදී පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මුලස්ථානය නිවේදනය කළේය.
එම අනතුරුවලින් වැඩි සංඛ්‍යාවකට හේතුවී ඇත්තේ අධික වේගයෙන් රිය ධාවනය කීරීම වන බව සඳහන්ය.අධික වේගය හේතුවෙන් සිදුවූ රිය අනතුරුවලදී එම රියදුරන් ආසන පටි පැළද නොසිට ඇති බව ද පොලිස් මූලස්ථානය පවසයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය ධාවනය කළ හැකි උපරිම වේගය පැයට කිලෝ මීටර් 100 ක් වන අතර මෙම සීමාව ඉක්මවා බොහෝ රථවාහන ධාවනය කරන බව නිරීක්ෂණය
වී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
අධික වේගයෙන් රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 5174 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බව ද පොලිස් මූලස්ථානය පැවසුවේය.
Posted in:
අධිවේගයේ මේ දක්වා මරණ 7ක්
.jpg)
0 comments for "අධිවේගයේ මේ දක්වා මරණ 7ක්"
Leave a reply