ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

මියගිය පෙම්වතා මහ රෑ මැදියමේ කනත්තේදී සුසිලා සමඟ පිළිසඳරක

සුසිලා වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම රූමත්ය. තැන්පත්ය. සුමිත් ඇයගේ පෙම්වතාය. එහෙත් සුසිලා කසාද බැන්දේ ලක්සිරිවය. ඒ ඇයගේ මවුපියන්ගේ ඒකමතික තීරණයකට අනුවය. ඒ අනුව සුසිලාට සිත හදාගන්නට සිදු වූයෙන්. අකැමැත්තේ, අමාරුවෙන් හෝ ඇය එයට හුරුවන්නට වූවාය.
 සුසිලාත්, ලක්සිරිත් පදිංචිව සිටියේ කොළඹට සැතපුම් ‍ෙදාළහක් පමණ එහායින්ය. කාලය මාස තුනක් දක්වා ඇදී ගියේය. ලක්සිරි වැඩ ඇරී කොළඹ සිට හෝමාගමට ගමන් කළ අවසන් බස්රථයේ පැමිණ නිවෙසට එමින් සිටියේය. ඒ මධ්‍යම රාත්‍රියේය. ඔහු සෙමෙන් තම වත්තට ඇතුළුවන කුඩා ලී ගේට්ටුව ඇර ඇතුළු විය. එහෙත් ‍ෙදාරටුව අසලට කිට්ටු වන්නට ඔහු තරමක් මැළි කළේය. මන්දයත් ප්‍රධාන ‍ෙදාරටුව ඉදිරිපස තනි පඩිය හරහා තඩි කළු බල්ලෙක් නිදාගෙන හුන්නේය. පහත් වී අතට අසුවූ වව්ලන් කා දමන ලද අඹ ඇටයකින් බල්ලාට දමා ගැසුවේය. බල්ලා ඉවත් වුණේ නැත. උෟ නොපෙනී ගියේය.
අඳුර නිසා එහි අමුත්ත ලක්සිරිට දැනුණේ නැත.
 තවත් දින දෙක තුනක් ගෙවී ගියේය. එහෙත් ලක්සිරි අමුතු ප්‍රශ්නයකට මුහුණදෙමින් සිටියේය. ඒ සුසිලා රාත්‍රියට නින්දෙන් ඇවිදීමට පටන්ගෙන තිබීමය. බැරිම තැන සුසිලාගේ මව පැමිණ එහි නතර වූවාය. ඇය සුසිලාගේ හොල්මන් ගමනට වැටබැන්දේ සෑම ‍ෙදාරකඩකම මෙන්ම නිදන ඇඳ පාමුලද තෙත් කරන ලද රෙදිකඩමාලු එළා දමමිනි. දැන් සුසිලාගේ කල්ක්‍රියාව යළි යහපත්ය.
 සුපුරුදු පරිද්දෙන් ලක්සිරි රාත්‍රි වන තුරු සේවයේ යෙදෙමින් සිට ගෙදරට එමින් සිටියේය. මහපාරෙන් වමට හැරී ඊට අඩි කිහිපයක් ඉදිරියෙන් ඇති තම නිවෙසට කිට්ටු වෙමින් සිටියේය.
"සුසිලා සනීපෙන්ද.....?
ලක්සිරිට යකා නැග්ගේය.
 "අහගනිං තොගේ......." ඔහු අඩියට දෙකට ගොඩවුණේ තවත් ප්‍රශ්නයක් ඔළුවට දාගනිමිනි. "හීනෙන් ඇවිද්දා මදිවට රස්තියාදුකාරයොත් මට දැන් කොලොප්පම් කරන්න පටන් අරන්..." යැයි වරෙක ඔහු සිතුවත් සැකයකට තුඩුදෙන ඊට එහා දෙයක් ගැන ඔහුගේ සිත නළියන්නට පටන් ගත්තේය. තවත් විනාඩි කිහිපයක් කල්පනාවේ ගිලී සිටි ඔහුට ඇසුණේ 'සරස්' හ¾ඩින් වහලයට වැලි අහුරක් දමා ගැසුවාක් මෙන් හඬකි. සිතට නැඟුණු කෝපයත් සමඟ ඔහු වහා නැඟිට ගොස් ‍ෙදාර ඇරියේ ඇඳ පොල්ලක්ද අතැතිව. තම නිවෙස ඉදිරියේ කළු තඩි බළලුන් දෙතුන් දෙනෙකුත්, කළු බලු තඩියකුත් මිදුලේ එහා මෙහා ඇවිදිමින් සිටියේ ඇස්ගෙඩිවලින් ගිනිපේළි වැනි පෙනුමක් විහිදුවමින්ය. එවර එම තත්ත්වය නිසිලෙස වටහාගත් ලක්සිරි වහා ‍ෙදාර වසා දමා රෑවෙනතුරු නිදිවරමින් සිටියේ කාගේත් ආරක්‍ෂාවටය. ඒ අතරේ ඔහුට "දඩස්......දඩස්" හ¾ඩින් ඉදිරිපස ‍ෙදාරට යමෙක් ගැටෙන හඬ ඇසුණේය. නියත වශයෙන්ම ඒ අර කළු බළල් තඩියන්ය. නැතිනම් බලු තඩියාගේ වැඩක් බව ඔහු දන්නේය.

 පසුවදාම ටික දිනකට තම මහ ගෙදරට යෑමට තීරණය කළත් සුසිලාගේ ඒකමතික තීරණය වූයේ එසේ නොවිය යුතු බවය. මේ කිසිවක් නොදත් සුසිලා සහ ඇයගේ මව සිටියේ එකම මතයක නිසා රාත්‍රියේ සිදුවන සිදුවීම් ගැන විමසිලිමත්ව සිටීමට ඔහුට සිදුවිය.
 සුපුරුදු බසයේ පැමිණ හයිලෙවල් පාරේ බැස දකුණු පස ඇති ප්‍රධාන මාර්ගයේ තවත් සැතපුමක් පමණ ඔහුට පයින් යෑමට සිදුව ඇත. එම මාර්ගයේ සැතපුම් භාගයක් පමණ ගෙවූ කල හමුවන්නේ ගමේ කැරකොප්පුවය. ඔහු එය පසුකරමින් සිටියේය. එදින සවස වළදැමූ මිනීවළ මත තවමත් පහනක් දැල්වෙමින් ඇත. එය මෙතෙක් වේලා දැල්වෙමින් තිබුණේ කෙසේදැයි ඔහුට ප්‍රශ්නයකි. එමෙන්ම ඉන් නිකුත්වෙමින් තිබූ මලානික එළිය ඔහුගේ සිතට එක්කළේ මූසල හැඟීමකි. ඒ සමඟම ඇදීගිය සිහිල් සුළං රැල්ල හරහා ඔහුගේ නහයට එක්වුණේ 'කට්ටකුමංජල්' සුවඳකි. ඒ ක්‍ෂණයකින් ඔහුගේ දෙපා ලහිලහියේ ඉදිරියට ඇදුණේ අනිවාර්යයෙන්ම කනත්ත තුළ කට්ට¾ඩියකුගේ යම් රාජකාරියක් සිදුවන බව තේරුම් ගනිමිනි.


වේලාව රාත්‍රි ‍ෙදාළහයි තිහට පමණ ඇත. ගේට්ටුවෙන් ඇතුළුවන ලක්සිරිගේ සියොලඟට සීතල යාන්තමෙන් දැනුණි. සුසිලා රෑ ඇඳුම පිටින්ම මිදුලේ ඔබ මොබ සක්මන් කරමින් සිටි අතර ඇයගේ තනියට මෙන් තඩි කළු බළල් තඩියකුද එහාමෙහා ඇවිදමින් සිටිනු ඔහු දුටවේය. අඩියට මිදුලට පැනගත් ඔහු ඇයගේ කෙස්වල්ලෙන් අල්ලාගෙන ගෙට ඇදගෙන ගොස් 'දඩස්' ගා ‍ෙදාර වසා දැමුවේ මවටද ‍ෙදාස් තබමින්ය. එහෙත් මව සිටියේ ඒ මොහොත වන තුරුත් තද ගොරොද්දේ අදිමිනි.
 දැන් දැන් ලක්සිරිට ඒත්තු ගැනෙන්නේ මේ සියල්ලක්ම 'හොල්මන් වැඩ' විය යුතු බවය. මේ සියල්ලන් ගැන කල්පනාවෙන් හා වෙහෙසට පත්ව සිටි ඔහුගේ දෑස් ඉබේම පියවී ගියේය. එහෙත් තවත් මොහොතකදී නින්දෙන් ඇහැරුණු ඔහු දුටුවේ සුසිලා තමන් අසල තියා නිවෙසේවත් නැති බවකි. ඔහු තම නැන්දම්මා කූද්දන්නට බැලුවත් ඇය සිටියේ ද දතකට පූට්ටු වෙලාය. ඒ ක්‍ෂණයකින් ඔහු පාරට පැන්නේ ඇඳ පොල්ලක්ද අතට ගෙනය. පාර දෙපස විපරම්කර බැලූ ඔහුට පෙනුණේ සුසිලා මහාමාර්ගයේ බොහෝ දුරක් අෑතට යමින් සිටින අයුරකි. හැකිතාක් වෙරගෙන ඇය පසුපස හඹා ගියත් සුසිලා අරලියගස් සෙවණක් යටින් දකුණට හැරුණාය. ලක්සිරිගේ සියොලඟම දහදියෙන් තෙත්ව ගියේ එය කැරකොප්පුව බව දන්නා නිසාය. නමුත් ඔහු ඊට ළඟාවෙන විට බොහෝදේ සිදුවී හමාරය.
 අලුත වළදාන ලද දෙණ සහිත වළ මත සුසිලා වාඩිවී සිටි අතර ඇයගේ අතකින් අල්ලාගෙන තරුණයෙක් පෙම්බස් ‍ෙදාඩමින් සිටින අයුරක්ද ඊට නුදුරින් පිදේනි තට්ටුවකට මතුරමින් සිටි කට්ට¾ඩියකු ද සිටි අතර මේ නම් තමා කලින් දුටු කට්ට¾ඩියාම විය යුතු බව ඔහුට සිතුණි. යක්කු සමඟ කළ හැකි සෙල්ලමක් නොදත් ලක්සිරි කනත්තේ අරලිය ගස් යායේ බඩගාමින් වෙන දේ බලා සිටියේ මහත් අසරණවය.
 පැයකට ආසන්න කාලයක් තරුණයා සමඟ ‍ෙදාඩවමින් සිටි සුසිලා නැවත නිවෙස කරා ඇදීගියේ කළු බලුතඩියෙකුගේ මඟපෙන්වීම හා ආරක්‍ෂාව යටතේය. අමනුස්ස බලුතඩියා ගැන ඇති වූ බිය නිසාම අසල්වැසි වත්තක මුවා වී කල්මැරූ ඔහු එළිවෙන ජාමයේ ගෙට රිංගා ගත්තේය.
සුසිලා මේ කිසිදෙයක් ගැන අල්පමාත්‍රයකවත් හැඟීමක් පළනොකොට තම දෛනික දිනචර්යාවේ යෙදීම ලක්සිරිගේ අනුකම්පාවට හේතු විය. තවදුරටත් එම නිවෙසේ වාසය කිරීම අතහැර දැමූ ඔවුහු ඔහුගේ මහගෙදරට තාවකාලිකව පදිංචියට එක්වූහ. ගෙවීගිය සති කිහිපයකට පසුව ලක්සිරි හමුවීමට අමුත්තෙක් පැමිණියේය. ඒ වෙනකකු නොව සුසිලාගේ මුල් පෙම්වතා වූ සුමිත්ගේ බාල සොහොයුරාය.

 තමන්ගෙන් මිදී ලක්සිරිගේ අතගත් සුසිලා කෙරෙහිත්, මුළුමහත් සමාජය කෙරෙහිත් කලකිරීමෙන් පසු වූ සුමිත් ඊට වන්දිගෙවා ඇත්තේ තම ජීවිතයෙනි. තම පුතුගේ වියෝව දරාගත නොහැකිව සිටි සුමිත්ගේ පියා යක්‍ෂාවේශ වූයේ සුසිලාගෙන් පළිගන්නටය. දකුණේ නමගිය යකැදුරකු වූ සුමිත්ගේ පියා අවසානයේ කුළුබඩු වෙළෙන්දෙකුගේ වේශයෙන් සුසිලා පදිංචිව සිටි නිවෙස අසලම කාමරයක් කුලියට ගෙන සිටියේ රාත්‍රියේ අපූරු යුතුකමක් ඉටුකරමින්ය.
 මධ්‍යම රාත්‍රිය ළඟාවන විට හොර රහසේ අසල කනත්තට රූටන ඔහුගේ එදින රාජකාරියේ මූලිකම දේ වන්නේ තම පිල්ලිව සේ යොදාගත් බලු තඩියාගේ මඟපෙන්වීම යටතේ සුසිලා කනත්තට ගෙන්වා ගැනීමය. ඊළඟ මොහොතේ සුමිත්ගේ මියගිය ආත්මය ගෙන්වා සුසිලා සමඟ පෙම්බස් ‍ෙදාඩවමින් තම පුතුගේ උත්තරීතර ප්‍රේමයේ රසය විඳින්නට කටයුතු කරමින් සිටියේය. එය ඔහුගේම අදහසින් පවසන්නේ නම් එසේ කළ හැකි වනුයේ ඔහු මියගොස් මාස තුන සම්පූර්ණවන තෙක් පමණක් බවය. ඒ අනුව එම දිනය සම්පූර්ණ වන්නට තිබුණේ තවත් දින කිහිපයක් පමණි. මේ වන විටත් තම පුතුගේ ආසාව ඉටුකරදී තිබූ ඔහුගේ ඊළඟ ප්‍රයත්නය වී තිබුණේ සුසිලාගේ සිහිවිකල් කර දැමීය. එහෙත් වාසනාව හා බුද්ධිය මුසුවූ ලක්සිරිගේ දෛවය ඒ සියල්ල වෙනස්කර දැමීමට සමත් විය. ඔහු හැකිතාක් තම වෙරයොදා සුසිලා ආරක්‍ෂා කර ගන්නට කටයුතු කළේ මේ සියලුම දේ රහසක් කොට රකිමිනි.

 එමෙන්ම තම පියාගේ අනුවණ ක්‍රියාව ගැන බාල පුතුගේ උකුසු ඇසට ලක්වීම කාගේ කාගේත් වාසනාව විය. ඔහුගේ අභියෝගය හා තර්ජන හමුවේ තම පියා මෙල්ලකරගත් ඔහු තම වැඩිමහලු සහෝදරයාගේ පෙම්වතිය වූ සුසිලා ආරක්‍ෂාකර ගැනීමේ පරම පවිත්‍ර සහෝදරත්වය මුල්කර ගෙන කටයුතු කරමින් සිටියේ ලක්සිරිගේද පැසසුමට ලක්කරමිනි.
මෙවන් විශ්වාස කළ නොහැකි තරමේ හැකියාවක් දක්‍ෂතාවක් පෙන්නුම් කළ විශ්වකර්ම යකැදුරන් අප සමාජයේ සිටි නමුත් ඒවා පැසසුමට හෝ ගෞරවාදරයට පත්නොවී යටපත්ව ගියේ ඉන් සමාජයට සිදුවන අයහපත නිසා බව ලක්සිරි අදටත් සිහිකරන්නෙ මේවා වත්මන් පරපුරට නම් කොලොප්පමක විය හැකි පවසමිනි.


නිශාන් මල්ලවාරච්චි

Posted in:

0 comments for "මියගිය පෙම්වතා මහ රෑ මැදියමේ කනත්තේදී සුසිලා සමඟ පිළිසඳරක"

Leave a reply