ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

පෙම්වතිය මරා සියදිවි නසාගත් රාගම වෛද්‍ය සිසුවා මානසික රෝගියෙක්


පසුගියදා මොරටු සරසවි පෙම්වතිය මරන්නට වසදී තමනුත් වස එන්නත් කරගෙන මියගිය රාගම වෛද්‍ය සිසුවා මානසික ආබාධයකට වරින්වර ප‍්‍රතිකාර ගනිමින් සිටි රෝගී තත්වයෙන් පසුවූ අයෙකු බව අලූත්ම පරීක්ෂණ වලදී අනාවරණයවී තිබෙනවා.
ඔහු තම පෙම්වතිය අධික ලෙස සැකකර තිබුණ බවත් ඇයට වෙනත් පිරිමි මිතුරන් කිසිවෙකු සමග සරසවියේදී ඇසුරු කිරීමට පවා තහංචි පනවා තිබුණ බවත් හෙළි වුණා.
ඔහු තම පෙම්වතිය මොරටු සරසවියේදී හැසිරෙන ආකාරය ගැන ඔත්තු බැලීම සඳහා මිතුරන් යොදවා වරින්වර මිතුරන්ට ඇමතුම් ලබාදෙමින් ඇයගේ හැසිරීම් ගැන තොරතුරු ඇයට හොරෙන් ලබාගත් අපූරු පෙම්වතෙකු වූ බවද හෙළි වුණා.
තමා සමග හැම මොහොතම හදවතින් බැඳී සිටිය යුතු යයි කියමින් ජංගම දුරකථන ඇමතුම් ලබාදෙන ලෙස පෙම්වතියට බලකර සිටි ඔහු එවැනි ඇමතුම් දේශන අතරතුර ලබාගන්නට අපහසු නම් මිස් කෝල් හෝ ලබාදෙන ලෙස දන්වා සිටි බවත් මේ නිසා දවසකට පන්සියය ඉක්මවා මිස් කෝල් ඇගෙන් ඔහුට ලැබුණ බවත් වාර්තා වුණා.
දහවල් කාලයට ඇය මොරටුවේ සිටීමත් වෛද්‍ය සිසුවා රාගම සිටීමත් අවසන් වසරේ වැඩ අධික කාලයක අධ්‍යාපනය හැදෑරීමත් නිසා මේ සැකසහිත වාතාවරණය ඔහුට බරපතල ලෙස දැනී තිබුනේ ඇයව බලන්න යන්නට විවේකය මද වීමෙනි.
පෙම්වතිය සිරකාරියක ලෙස
පේ‍්‍රම මතකයේ තබාගත්තත් ඔහුට පැවති මානසික ආබාධ තත්වය නිසා ඇයව දිගටම සැකකර තිබුණා.

මහනුවර පදිංචිකාරියක වන මියගිය මහේෂිකාගේ දෙමාපියනුත් කුරුණෑගල පදිංචිකරුවෙකු වන මියගිය චතුරංගගේ දෙමාපියනුත් මේ සම්බන්ධයට කාලයකට පෙර සිටම අනුමැතිය ලබාදී තිබුණ අතර එම පවුල් අතර හොඳ ඥාතී සම්බන්ධයක්ද දැනටමත් වර්ධනයවී තිබුණා.

අධික ලෙස සැකකිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස ඔහු  සිතින් මවාගත් තෙවැනි පාර්ශ්වයක් ගැන නිතරම කතා කර තිබුණා. පසුගිය මාසයේ දෙපසම දෙමාපියන්වද මැදිහත් කරගෙන ඇය වෙනත් සම්බන්ධයක් පවත්වා යන බවට ගෝරනාඩු කළ චතුරංග තමාට එම සැකය නැති කරදෙන බල කර තිබුණා. මේ ප‍්‍රශ්නය නිසා පීඩාවෙන් සිටි මහේෂිකා කියා ඇත්තේ ‘මං දළදා මාළිගාවට ගිහින් දිවුරන්නම් ඒවගේ සම්බන්ධයක් නෑ..’ ලෙසිනි. මෙම යෝජනාවට කැමැත්ත පළවීමෙන් පසු දෙපාර්ශ්වයේම දෙමාපියන් සමග දළදා මාළිගාවට වාහනයකින් ගමනක් සූදානම් කර එහි ගොස් ඇය ඔහුගේ හිසේ අත තබා වෙනත් සම්බන්ධයක් නැති බව මාළිගාවේදී දිවුරා ඇත්තේ දෙමාපියන්ද බලා සිටියදීය.

මෙම ප‍්‍රශ්නය එතැනින් නිමා වනු ඇතැයි ඇය සිතුවත් ඔහුගේ මානසික ආබාධයේ අතුරු ඵලයක් ලෙසදෝ සැකය තුරන්වී නැති අතර ඇයට නැවතත් පීඩා ගෙනදෙමින් ඔහු හැසිරී ඇත. මහේෂිකා අධික ලෙස නිදි පෙති බොන්නට යොමුව ඇත්තේ මේ නිසාය. ඇය පේරාදෙණිය රෝහලට ඇතුළත් කර සිටියදී ඇගේ ළ`ග තනියට සිට ඇත්තේ මියගිය චතුරංගගේ දෙමාපියන් වීමද විශේෂත්වයකි. ඔවුන් තම පුත‍්‍රයාගේ හැසිරීම් ගැන කලකිරී සිට ඇති අතර ඇයට අස්වසා කියා ඇත්තේ ඒ ගැන නොසිතන ලෙසයි. රෝහලේ ඇය සිටි අතරවාරයේ වෛද්‍ය සිසු හැඳුනුම්පත භාවිතයෙන් ඔහු දවසේ අවස්ථා ගණනාවකදීම ඇයට බලන්නට රෝහලට ආගිය බවත් වාර්තා වුණා. නමුත් ඇගේ ටිකට් කපා ඇති දින සවස ඇගේ දෙමාපියන් නොපැමිණ තිබීම නිසා ඔහු තම සැකයේ පරිසමාප්තිය වස මුසු කළ කිරි පැකට්ටුවක් පොවා නිමකළේ ඇය මරා දමමිනි.
ඇගේ මරණය හෝ අමාරුවීම ගැන ආරංචි ඔහුට සැලවූ බවත් පසුදා ඔහු ඒ ගැන දැන ගෙන සිටි බවත් පොලිසිය සිදු කළ මූලික පරීක්ෂන වලදී අනාවරණය වුණා.

මුලින් වාර්තා වූයේ ඔහු එන්නතකින් මියගියේ කුරුණෑගල නිවසේදී බවයි. නමුත් ඔහු සයනයිඞ් අඩංගු එන්නතක් විදගෙන මියගොස් තිබුනේ කුරුණෑගල වැවරවුම අසළදී වාහනයකදීය.
ඔහු තම නිවසේ වාසය කරන ළාබාල ඥාති සොයුරු සමග ඡුායාරූප ඇල්බමයක් මුද්‍රණය කරගැනීමේ අටියෙන් කුරුණෑගල ටවුමට ගොස් තිබුණ අතර අවස්ථා කිහිපයකදී ෆාමසි වලට හා කඩයකට ගොස් තිබුණා.

පසුව ඥාති සොයුරා පසුපස ආසනයක සිටියදී ඔහු වැව රවුම අසළ වාහනය නවතාගෙන ඔහුටද නොදැනෙන සේ සයනයිඞ් විෂ අඩංගු එන්නත විදගෙන තිබෙනවා.  අමුතු ශබ්දයක් කරගෙන සෙම පිට කර හිස කඩාපාත්වූ අයියාගේ අමාරුව තේරුණ මල්ලී අවට අයගේ සහායද ගෙන රෝහලට ඇතුළත් කළත් ඔහු මියගොස් තිබුණා.

මියගිය චතුරංග ගැන ඔහුගේ මව පවසා සිටින්නේ තම පුතා මානසික රෝගයකට දිගු කලෙක සිට ප‍්‍රතිකාර ගත් අයෙකු බවයි. ඒ සඳහා කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙකුද නිතිපතා මුණගැසුණ බවත් ඔහු මොහු ගැන අවධානයෙන් සිටින්නට උපදෙස් ලබාදී තිබුණ බවයි. චතුරංගගේ රෝගී තත්වය මහේෂිකා දැන සිටියේදැයි පැහැදිලි නැත.

සිද්ධිය වන්නට පෙර පෙම්වතියගේ සැකයට දළදා මාලිගාවට ගිය දිනවල සිට මේ සැකය තවත් වැඩිව තිබුණ බවත් ඇය කියනවා. නමුත් ඔහු ඇයව මරාදමන්නට සිතාවි යයි කිසිවෙකුට සිතාගත නොහැකි බවද ඇය කියනවා. නිදිපෙති බී සුවවීමෙන් පසු රෝහලේදී මහේෂිකාට අමාරුවූ බව එදා උදේ පුතාට ආරංචිවූ බවත් ඔහු ඇය බලන්නට යනු ඇතැයි තමා සිතූ බවත් මව කියා සිටියා.

තම පුතා රසායනික ද්‍රව්‍ය මිශ‍්‍ර කොට විවිධ අත්හදාබාලීම් නිවසේදී කරන බවත්, සයනයිඞ් හදන්නට තමාට පුළුවන් බව කියා මින් පෙර අවස්ථා කිහිපයකදීම එම විස නිපදවා තමාට පෙන්වා ඇති බවත් ඔහුගේ මව ප‍්‍රකාශ කරන අතර මේ ආකාරයට විදගෙන ඇත්තේ ඔහු එසේ සාදාගත් සයනයිඩි රසායනික බව සැකකළ හැකි බවත් ඇය කියනවා.


Posted in:

0 comments for " පෙම්වතිය මරා සියදිවි නසාගත් රාගම වෛද්‍ය සිසුවා මානසික රෝගියෙක්"

Leave a reply