ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ගීතා කුමාරසිංහ බෙන්තර ප්‍රා:සභා මන්ත්‍රීවරයකුට මරණීය තර්ජන කරලා..

බෙන්තර ඇල්පිටිය ශ්‍රී ල.නි.ප. ප්‍රධාන සංවිධායක ගීතා කුමාරසිංහ මහත්මිය විසින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරයකුට මරණීය තර්ජන එල්ල කළේ යෑයි කියන සිද්ධියකට විරෝධය දක්‌වා 23 දා පැවැති ඇල්පිටිය ප්‍රාදේශීය සභා රැස්‌වීමට එ.ජ.නි.ස. සියලුම මන්ත්‍රීවරු කළුපටි පැළඳ සහභාගි වී තිබුණා.

එහිදී විශේෂ ප්‍රකාශයක්‌ කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ. ජී. සාගරතිලක මහතා මෙසේ කීවේය. "බෙන්තර ඇල්පිටියේ දේශපාලන නායකත්වය දිනෙන් දින පිරිහෙනවා. ඇල්පිටිය සහ බෙන්තර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් මේ ගැන කියන්න ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා හමුවීමට අප්‍රියෙල් 20 දා ගියා."
ඊට 21 දා ගීතා කුමාරසිංහ මහත්මිය මා අමතා "ඊයේ කොළඹ ගිහිල්ලා
සංවිධායකවරයෙක්‌ පත්කර ගත්තාද? මම මේ ගැන පස්‌සෙ බලාගන්නම්" කියල මට තර්ජනය කළා.

මේ වෙලාවෙ මට මරණ බිය දැනුණා. මට මේ ගැන කියන්න මේ සභාවේ මගේ සහෝදර මන්ත්‍රීවරුන්ට හැර වෙන කෙනෙක්‌ නෑ, මගේ ප්‍රකාශය සභා හැන්සාඩ් ගතකරන ලෙස ඉල්ලා සිටිනවා.

මේ අතර “ලිප්ස්ටික් ගෑම මේකප් කිරීම එපා යැයි පඟරනැට්ටෝ කීවත් අනාදිමත් කාලයක පටන් සීගිරි ලලනාවන්ගේ සිට මේ දක්වා කාන්තාවන් රූපලාවණ්‍යයෙන් ගත ලස්සන කරගෙන තිබෙනවා” යැයි ගීතා කුමාරසිංහ මහත්මිය ගාල්ලේදී 21දා පවසා ඇත.

දකුණු පළාත් රූපලාවණ්‍යවේදීන්ගේ සංගමය සහ ගෝල් ප්‍රොපෂනල් අයි ඡායාරූප සංගමය එක්ව ගාල්ල පාපන්දු ක්‍රීඩාංගණයේ පැවැත්වූ අවුරුදු උත්සවය අමතමින් කුමාරසිංහ මහත්මිය මේ බව පවසා ඇත.

“නිවෙස ලස්සන කරන කාන්තාව ගමම ලස්සන කරනවා. රටත් ලස්සන කරනවා. පිරිමින්ට ඒක කරන්න බැහැ. කාන්තාවගේ ලස්සන වැඩිකරගන්න රූපලාවණ්‍යය අවශ්‍යමයි. කොළඹ හතේ ධනපති පන්තියට පමණක් සීමාවී තිබූ ලස්සනට අඳින එක, ලිප්ස්ටිකක් ගාන එක, මේකප් කරන එක දැන් ගමට ඇවිල්ලා.

දැන් ගම්බද ප්‍රදේශවලද මෙය ව්‍යාපාරයක් බවට පත්වී විශාල වශයෙන් ආදායම් උපදවන මාර්ගයක් වෙලා. මේකප් කරන්නේ නැතැයි කියන අය හොරෙන් මේකප් කර ගන්නවා. මම තමයි ප්‍රංශයේ එංගලන්තයේ රූපලාවණ්‍ය පාඨමාලා හදාරා රූපලාවණ්‍යය පටන්ගත් එකම සිනමා නිළිය” යනුවෙන් තවදුරටත් ඇය එහිදි පවසා ඇත.

Posted in:

0 comments for "ගීතා කුමාරසිංහ බෙන්තර ප්‍රා:සභා මන්ත්‍රීවරයකුට මරණීය තර්ජන කරලා.."

Leave a reply