සෞදියට කාන්තාවන් යවන්න එපා - රන්ජන් රාමනායක
සෞදි අරාබි රජය තුළ කම්කරු නීති රීති ක‍්‍රියාත්මක නොවීම මත පියවර ගත යුතු බව හෙතෙම පවසයි.
දැනට සෞදි අරාබිය තුළ ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන් ලක්ෂ පහක් හයක් අතර ප‍්‍රමාණයක් සේවය කරයි. ඔවුන් විශාල කැපවීමකින් කටයුතු කරමින් ඩොලර් බිලියන හයක ප‍්‍රමාණයක් උපයා දෙන්නේ දස වධ විඳිමින් හා විශාල කැපවීමකින් බව රාමනායක මහතා පැවැසීය.
නමුත් බහරේන්, ඉන්දුනීසියා,
නේපාල, බංග්ලාදේශය, පාකිස්තානය, පිලිපීනය වැනි රටවල කම්කරු නීති තිබුණත් සෞදි අරාබියාවේ කම්කරු නීතිය නොමැති බවත් එහි තිබෙන්නේ ශරියා නීතිය බවත් කී රාමනායක මහතා සෞදි අරාබියාවට ශ‍්‍රමිකයන් යවන එකම රට බවට අද ශ‍්‍රී ලංකාව පත්ව ඇති බවත් කීය.
Posted in:
සෞදියට කාන්තාවන් යවන්න එපා - රන්ජන් රාමනායක

0 comments for "සෞදියට කාන්තාවන් යවන්න එපා - රන්ජන් රාමනායක"
Leave a reply