සුනාමි සල්ලි ලක්ෂ 614 ක් පිල්ලි ගැසූ පරණ ක‍්‍රීඩා ලොක්කො ගැන හොයයි
සුනාමි ව්‍යසනයෙන් ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයට කිසියම් අගතියක් සිදුවීද, එයට ප‍්‍රායෝගික වශයෙන් ප‍්‍රතිකර්ම සපයන්නයි නිර්දේශ කරමින් ජාත්‍යන්තර මලල ක‍්‍රීඩා සංගමය විසින් එවකට ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා පරිපාලනය වෙත මුදා හරින ලද අමෙරිකානු ඩොලර් 48000 (රුපියල් 61,440,000) ට සිදුවූයේ හෝ සිදු කළේ කුමක්ද යන්න පැහැදිලි කිරීම සඳහා ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ වත්මන් සභාපති මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු සහ එම ලේකම් පේ‍්‍රමා පින්නවල මහතා, 24 දා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්* ඉදිරියට කැදවන ලදී.
වසර 2004 දෙසැම්බර් 26 දා සිදුවූ සුනාමි ආක‍්‍රමණයෙන් ශ‍්‍රී ලංකාවට
ද‍්‍රව්‍යමය වශයෙන් බරපතල හානි සිදුවූ අතර මිනිස් ජීවිත 38295 ක්ද අහිමි විය.
අදාළ සමයේ වත්මන් තැපැල් සේවා ඇමැති ජීවන් කුමාරතුංග මහතා ක‍්‍රීඩා ඇමැති ධුරය හෙබවීය.
සුනිල් ජයවීර මහතා එවකට මලල ක‍්‍රීඩා සභාපති ධුරය හෙබවූ අතර පේ‍්‍රමා පින්නවල මහතා එම ලේකම් ධුරය හෙබවීය. සේනක කීර්තිරත්න මහතා එකල මලල ක‍්‍රීඩා භාණ්ඩාගාරික ධුරය ඉසිලීය.
ජගත් මලල ක‍්‍රීඩා සංගමයෙන් ලබා දෙන ලද අදාළ මුදල, සුනාමියෙන් අලාභ හානි වූ මොරටුව එගොඩ උයන සුගතානන්දෝප විදුහල සහ ක‍්‍රීඩාංගණය හා කිලිනොච්චිය ක‍්‍රීඩාංගණය ප‍්‍රතිසංස්කරණයට යොදවන බවට එකල බලධාරීහු ප‍්‍රකාශ කර ඇතත්, ප‍්‍රතිසංස්කරන කටයුතු සහ එම ප‍්‍රගතිය පිළිබඳ කිසිවක් අනාවරණය නොවීය.

0 comments for "සුනාමි සල්ලි ලක්ෂ 614 ක් පිල්ලි ගැසූ පරණ ක‍්‍රීඩා ලොක්කො ගැන හොයයි"
Leave a reply