ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ඔබාමාට විස ලිපි යැව්වැයි සටන් ගුරුවරයා අත්අඩංගුවේ

බොස්ටන් ප‍්‍රහාරය එල්ල වීමෙන් දිනකට පසු ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබමාගේ නමට ධවල මන්දිරයට එවා තිබූ ‘රිසින්’ නමැති මාරක විස රසායනික කුඩු අඩංගු ලිපිය සම්බන්ධයෙන් මිසිසිපි ජනපදයේ සටන් ගුරුවරයකු අත්අඩංගුවට ගැනීමට එෆ්.බී.අයි. පරීක්ෂකයෝ ඊයේ (28) සමත් වූහ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් 45 හැවිරිදි කෙවින් කර්ටිස් නමැත්තා එම සිද්ධියට සම්බන්ධ නැති බවත් ඔහු නිර්දෝෂී බවත් ආරක්ෂක අංශ ඉකුත්
බ‍්‍රහස්පතින්දා තහවුරු කර ගනු ලැබීය.
ඒ අනුව පරීක්ෂණ කටයුතු දිගටම සිදුවූ අතර මිසිසිපි ජනපදයේ ටුපේලෝ නුවර පදිංචි 41 හැවිරිදි එවරේ ඩුට්චේ නමැත්තා අත්අඩංගුවට ගත් බව ඇමෙරිකානු එෆ්.බී.අයි. පරීක්ෂකයෝ පැවැසූහ.

Posted in:

0 comments for "ඔබාමාට විස ලිපි යැව්වැයි සටන් ගුරුවරයා අත්අඩංගුවේ"

Leave a reply