ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

බොස්ටන් බෝම්බ සැකකරු ෂොකාර් ගේ උගුරට වෙඩි වැදී ඇති නිසා ජීවිතේටම කථාබහ බැරිලූ ෆෝන් සිග්නල් වලින් වාහනේ ට‍්‍රැක් කර මිදුලක තිබුන බෝට්ටුවක සැ`ගව ඉද්දී ෂොකාර් ඇල්ලූ මෙහෙයුම


 බොස්ටන් මැරතන් බෝම්බ ප‍්‍රහාර සිදු කළ බවට සැකකෙරුන චෙච්නියා ජාතික තමෙර්ලාන් ට්ෂානායෙෆ්(29) සහ ෂොකාර් ට්ෂානායෙෆ්(19) අයිය මලෝ ඇල්ලීමේ සටනේදී අයියා මිය ගොස් මල්ලී අල්ලාගත් බව විදෙස් වාර්තා පළවුණත් දැන් ඔහුගෙන් කට උත්තරයක් හරි හැටි ගන්නට බැරිව ඇත්තේ ඔහුගේ උගුරු දණ්ඩ පසාරු කරගෙන ගිය වෙඩි උණ්ඩයක් නිසාය. ඔහුට ජීවිතාන්තය දක්වා කතා බහ කරන්නට නොහැකි තත්වයක සිටින බව වෛද්‍යවරු පවසා තිබෙනවා.

අවසන් සටනේදී බෝට්ටුවක සැ`ගවී සිටියදී අල්ලාගත් පසු ඔහු රෝහල් ගත කළ අතර දිගටම දැඩි සත්කාර ඒකකයේ සිහිමුර්ජාවෙන් සිටි ඔහු ඊයේ දහවල් යන්තම් අවදිවූ බවත් එම අවස්ථාවේ ඇමෙරිකානු ෆෙඩරල් රහස් ඔත්තු සේවයේ නිලධාරීන් ඔහුගෙන් ලිඛිතව සාක්ෂි ලබාගැනීම ඇරඹූ බවත් වාර්තා වුණා.
සිද්ධිය වූ දවසේ අයිය මලෝ දෙදෙනා පසුපස පොලිසිය ලූහුබඳින්නට පටන් ගත් අවස්ථාවේ ඔවුන් වාහනයක් පැහැරගෙන පළායන්නට තැත් කර තිබුණ අතර එම වාහන හිමියාව කැටුව ගොස් වාහනය ඒටීඑම් යන්ත‍්‍රයක් ළ`ග නවත්තවා ඔහු ලවා ඩොලර් 800 ක මුදලක් බලෙන් ලබාගෙන ඔහුව එළවා දමා වාහනයෙන් පළාගියා. එම අවස්ථාවේ පොලිසියට තමාට වූ හිරිහැරය වාහන හිමියා දන්වා සිටිවිට පොලිසිය ඔහුගේ දුරකථනය ගැන අසා තිබුණා. එය වාහනයේ ඇති බව පොලිසිය දැනගැනීමෙන් පසු වහාම ක‍්‍රියාත්මකවූ ඇමෙරිකානු ෆෙඩරල් රහස් ඔත්තු නිලධාරීන් එම දුරකථන අංකය ට‍්‍රැක් කර එය සහිත වාහනය
ගමන් කරන දිශාව හඳුනාගත් අතර එම සජීව තොරතුරු පොලිස් නිලධාරීන්ට සැපයුවා.

මේ ඔස්සේ සැකකරුවන් පළායන්නේ කොයි දිශාවටදැයි දැනගෙන වෝටර්ටවුන් නගරයේ දැඩි මෙහෙයුමක් දියත් කර තිබුණා. මුල් අවස්ථාවේ ඔවුන් කොටු කරගත් විට වාහනයේ පිටුපසක සිට ඔවුන් පොලිසිය සමග වෙඩි හුවමාරුවකද නියුතුවූ අතර ඔවුන් සතුව භායානක පිපිරුම් ද්‍රව්‍ය තිබිය හැකි බවට සැක කළ නිසා පොලිසිය ඔවුන් කොටු කරන ලද්දේ සීරුවෙනි. කෙසේ වෙතත් වාහනය අසළ සටනින් පසු එක් සැකකරුවෙකු පළා යන අන්දමත් තවත් අයෙකු බිම වැටී ඇති ආකාරයත් පසුව සිදු කළ සෝදිසියේදී පොලිසියට හඳුනාගන්නට ලැබී තිබෙනවා. එසේ් බිම වැටී සිටි පුද්ගලයා මිය ගොස් ඇති බවත් ඔහු ප‍්‍රධාන සැකකරුවන් දෙදෙනාගෙන් කෙනෙකුවූ තමෙර්ලාන් ට්ෂානායෙෆ්(29* බවත් පොලිසිය හඳුනාගත්තා.

කෙසේ වෙතත් ප‍්‍රධාන ත‍්‍රස්ත සැකකරුවෙකුවූ බැවින්ද ඔහුගෙන් තවත් තොරතුරු ලබාගතයුතුව තිබෙන බැවින්ද ඔහුට මියයන ලෙස වෙඩි තබන්නට පොලිසියට අණ  දී නොතිබුණ බවත් එම වෙඩි තැබීම ඔහු විසින්ම හෝ පළාගිය සහෝදරයා විසින් හෝ සිදු කරන්නට ඇතැයි සැකකෙරෙන අතර ඒ ගැන පරීක්ෂණ ක‍්‍රියාත්මකය.
බෝස්ටන් වෝටර්ටවුන් නිවැසියන්ට එළියට නොඑන්නැයි අනතුරු ඇ`ගවීම් නිකුත් කර පොලිසිය මහ ? තිස්සේ දැවැන්ත මෙහෙයුම දියත් කලේ ඉන් පසුවය.
නිවෙස් වෙත ගොස් අපි පොලිසියෙන් යයි කියමින් වෝටර්ටවුන්හි නිවෙස් එකින් එක සෝදිසි කළත් පළාගිය ෂොකාර් ගැන තෙකාරතුරු සොයාගැනීම දුෂ්කරවී තිබුණා.

පොලිසිය සීසීටීවී දත්ත හා චන්ද්‍රිකා දත්ත සොයමින් හෙළිකොප්ටර වලින් ලයිට් ගසමින් හොලිවුඞ් චිත‍්‍රපටයක පරිද්දෙන් මේ මෙහෙයුම දියත් කළේ එදා ? ඇමරිකානුවන් නිදි වර්ජිතව තබමිනි. ඒත් මැදියම් රැුය පසුවෙද්දීත් පළාගිය තරුණයා හොයාගන්නට බැරිව ගියා.
මේ අතරවාරයේ හිමිදිරියට පැය කිහිපයකට පෙර එළියට නොඑන්නැයි පොලිසිය ලබාදුන් උපදෙස පිළනොපැද එක් නිවැසියෙකු එළියට ඇවිත් මිදුල පරීක්ෂා කරද්දී ඔහුගේ නිවසේ මිදුලේ සවිකර තිබුණ බොට්ටුව ළ`ග මින් පෙර දැක නැති ලේ පැල්මක් තිබෙනු දැක ගන්නට ලැබුණා.
බොට්ටුව ඇතුළෙ යම් අයෙකු සිටින බවද ඔහුට හැ`ගී ගියා. බියෙන් යළි නිවසට ගිය ඔහු වහාම ක‍්‍රියාත්මකවී පොලිසියට එම ස්ථානය ගැන දැනුම් දුන්නා.

පොලිසිය පැමිණ ආරක්ෂිත ආකාරයට බොට්ටුව ගැටගසා තිබූ මිදුලට වාහනයක් යවමින් සැකකරු පණපිටින් අල්ලාගැනීමේ මෙහෙයුම ක‍්‍රියාත්මක වූයේ ඉන් පසුවයි. කෝටුවකින් මෑත්කරමින් ස්ථානය ගැන වීඩියො ඡුායාරූප ලබාගෙන එම වැටලීම කර තිබුණා.

පොලිසිය අල්ලාගන්නා අවස්ථාවේ ඔහු දිවිනසාගන්නා අදහසින් උගුරට තමාවිසින්ම තබාගන්නා ලද වෙඩි පහරක් ගෙල අසළින් ගමන් කිරීම නිසා එතැන තුවාල වන්නට ඇතැයි සැක කෙරෙනවා.
සැකකරුට කථාකරන්නට බැරිව ගියේ මේ නිසාය. වසර 10 කට පෙර චෙච්නියාවෙන් ඇමරිකාවට සංක‍්‍රමණය වූ ට්ෂානායෙෆ් පවුල සැකකටයුතු බවට මින් වසර කිහිපයකට පෙර එරට පොලිසියට ඔත්තුවක් ලැබී ඒ ගැන රහසිගත පරීක්ෂණයක් කර තිබුණ නමුත් එහි අවසාන වාර්තාවේ සැකයක් නැතැයි තහවුරුවී තිබුණ බවද වාර්තා වුණා.

තවමත් කට උත්තර ගනිමින් පවතින නිසා මෙම බොස්ටන් ප‍්‍රහාරය කවර ත‍්‍රස්ත කල්ලියක වැඩක්දැයි ඇමරිකාව නිල වශයෙන් ප‍්‍රකාශ කර නැත.

gossiplankanews






Posted in:

0 comments for "බොස්ටන් බෝම්බ සැකකරු ෂොකාර් ගේ උගුරට වෙඩි වැදී ඇති නිසා ජීවිතේටම කථාබහ බැරිලූ ෆෝන් සිග්නල් වලින් වාහනේ ට‍්‍රැක් කර මිදුලක තිබුන බෝට්ටුවක සැ`ගව ඉද්දී ෂොකාර් ඇල්ලූ මෙහෙයුම"

Leave a reply