ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ශ්‍රී ලංකාවේ ටින් මාළු කර්මාන්ත ශාලා හතරක්‌ තිබියදී කෝටි 418 ක ටින් මාළු පිටරටින් ගෙන්වයි


2012 වසර තුළදී විදේශයෙන් ශ්‍රී ලංකාවට ටින් මාළු ආනයනය කිරීම සඳහා පමණක්‌ රුපියල් කෝටි හාරසීය දහ අටක මුදලක්‌ (ඇමරිකානු ඩොලර් මිලියන 41.8 ක්‌) රජය වැයකර තිබේ.

මෙම මුදල් වැයකර තිබෙන්නේ විදේශයෙන් ශ්‍රී ලංකාවට ටින් මාළු මෙටි්‍රක්‌ ටොන් 18857 ක්‌ ආනයනය කිරීම සඳහායි.

ශ්‍රී ලංකාවේ ටින් මාළු කර්මාන්ත ශාලා හතරක්‌  ක්‍රියාත්මක වේ. නමුත් මෙම කර්මාන්තශාලා හතරෙන්ම නිෂ්පාදනය කෙරෙන්නේ දිනකට ශූද්ධ මාළු බර ග්‍රෑම් 280 බැගින් වූ ටින් 38000 ක්‌ පමණි. එමගින් ආවරණය කෙරෙන්නේ සමස්‌ත වෙළෙඳපොළ සැපයුමෙන් 22% ක්‌ පමණි. එය කිසිසේත්ම ශ්‍රී ලංකාවේ ටින්
මාළු අවශ්‍යතාවට ප්‍රමාණවත් නොවේ. මේ නිසා වාර්ෂිකව ඩොලර් මිලියන ගණනක්‌ වැයකර විදේශයෙන් ටින් මාළු ආනයනය කෙරේ.

Posted in:

0 comments for "ශ්‍රී ලංකාවේ ටින් මාළු කර්මාන්ත ශාලා හතරක්‌ තිබියදී කෝටි 418 ක ටින් මාළු පිටරටින් ගෙන්වයි "

Leave a reply