ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

46 හැවිරිදි පුද්ගලයකුට ලිංගික අතවර කළ 33 හැවිරිදි පුද්ගලයෙක්

හතළිස් හය හැවිරිදි පුද්ගලයෙකුට බරපතළ ලිංගික අතවර කළ 33 හැවිරිදි පුද්ගලයෙකු අනුරාධපුර මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් 18 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.

අතවරයට මුහුණ පෑ 46 හැවිරිදි පුද්ගලයා කළ පැමිණිල්ලකට අනුව අනුරාධපුර අභයගිරි වැඩබිමේ මුරකරුවකු වශයෙන් සේවය කරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පවසන අන්දමට සිද්ධිය මෙසේය. බරපතළ ලිංගික අතවරයට ලක්වු 46 හැවිරිදි පුද්ගලයා සුළු මානසික ආබාධයකින් පෙළෙන අයෙකු වන අතර ඔහු
සැකකරු සමග කිට්ටු ආශ්‍ර‍්‍රයක් පවත්වා ඇත.

පසුගිය අලුත් අවුරුදු දිනයේ සැකකරු ඇතුළු පිරිසක් මත්පැන් සාජ්ජයක් පවත්වා මෙම පුද්ගලයාටද බලහත්කාරයෙන් මත්පැන් පොවා මෙම අතවරය සිදු කර ඇති අතර පසුව ඔහුට බරපතළ ලෙස පහර දී තුවාල ද සිදුකර ඇත.

ලිංගික අතවරයටත් පහර කෑමටත් ලක්ව තුවාල ලැබු පැමිණිලිකරු අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී පොලිස් නිලධාරීන් අනාවරණය කරගත් කරුණු අනුව සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකාර මුරකරුවා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

.

Posted in:

0 comments for "46 හැවිරිදි පුද්ගලයකුට ලිංගික අතවර කළ 33 හැවිරිදි පුද්ගලයෙක්"

Leave a reply