ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

පස් හැවිරිදි දැරිය දූෂණය පොලිස් ප්‍රධානී ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරයි

ඉන්දියාව පුරා මහත් ආන්දෝලනයක් ඇති වීමට හේතු වූ, පස් හැවිරිදි ළාබාල දැරිය දූෂණය කරනු ලැබීමේ සිද්ධියේදී පොලිසිය ක්‍රියාත්මකව ඇති ආකාරය මුල්කර ගෙන, පදවියෙන් ඉවත්ව යන මෙන් ඉදිරිපත් වෙමින් ඇති ඉල්ලීම්, දිල්ලි අගනුවර භාර පොලිස් ප්‍රධානී,නීරාජ් කුමාර් (ණීරජ් ඛුමර්) විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුණි.

එම දූෂණය ,කුරිරු මානසිකත්වයෙන් යුතුව සිදු කෙරුණ අපරාධයකැයි කියාසිටි පොලිස් ප්‍රධානියා,තමා පදවියෙන් ඉල්ලා අස්වීම මගින් ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙන බවයි කියා සිටියේ.

දූෂණය කෙරුණ දැරියගේ දෙමව්පියන් ඒ ගැන කතා නොකර නිහඬව තැබීම සඳහා ,පොලිස් නිලධාරියකු විසින් ඔවුන්ට අල්ලසක් දෙනු ලැබ ඇති බවට ඉදිරිපත් වෙමින්
ඇති ප්‍රකාශ සම්බන්ධයෙන්, තමා පරීක්ෂණයක් සිදුකරමින් සිටින බවයි, පොලිස් ප්‍රධානී නීරාජ් කුමාර් (ණීරජ් ඛුමර්) පවසන්නේ.

පොලිසිය ක්‍රියාකළ ආකාරය

එම ළමා දූෂණයට හවුල්ව ඇතැයි සැකපිට පොලිසිය තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බවත් නිවේදනය කෙරිණ.

මේ ළමා දූෂණ අපචාරයේදී පොලිසිය ක්‍රියාකළ ආකාරයට එරෙහිව, සති අන්තයේ දිල්ලි අගනුවර විරෝධතා ව්‍යාපාර දියත් වෙමින් තිබුන බවයි, ඉන්දියාවෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ.

සඳුදාත් ,විරෝධතා ව්‍යාපාර දියත් වනු ඇති බවට තොරතුරු ලැබීමත් සමඟ, දිල්ලි අගනුවර උමං දුම්රිය පොළවල් රැසක් වසා දමනු ලැබ තිබුණි .

Posted in:

0 comments for "පස් හැවිරිදි දැරිය දූෂණය පොලිස් ප්‍රධානී ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරයි"

Leave a reply