2014 දී එජාප ආණ්ඩුවක්… ජිල්මාට්’ වැඩ කරන ආණ්ඩුව පන්නන්න සියළු කටයුතු සූදානම්
මීට අමතරව සෑම මැතිවරණ කොට්ඨාසයකම මැතිවරණ මෙහෙයුම් නිලධාරියෙකු පත්කිරීමටද සැලසුම් කර තිබෙන බවද ජනතා රෙජිමේන්තු සකස් කිරීම සහ මෙහෙයුම් නිලධාරියෙකු පත් කිරීම ජුනි මාසයේදී ආරම්භ කරන බවද හෙතෙම කියා සිටී.
ජනතාව පීඩාවට පත්කරමින් ’ජිල්මාට්’ වැඩ කරන රාජපක්ෂ රෙජීමය
පන්නා දැමීම මේ රටට ආදරය කරන දේශපාලන පක්ෂ බහුජන සංවිධානවල වගකීමක් බවද ඔහු පවසා සිටියේය.
මෙම වගකීමට අනුව එකසත් ජාතික පක්ෂය මහින්ද රාජපක්ෂ රෙජීමය 2014 වසරේදී පන්නා දැමීමට කටයුතු කරන බවත්, ඊට අවශ්‍ය සියලූම සැලසුම් මේ වනවිට සකස් කර තිබෙන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

0 comments for "2014 දී එජාප ආණ්ඩුවක්… ජිල්මාට්’ වැඩ කරන ආණ්ඩුව පන්නන්න සියළු කටයුතු සූදානම්"
Leave a reply