ඉන්දියාවේ එකම ගමේ නිවුන් දරු උපත් 220ක්
කේරළයේ මාලාපුරම් දිස්ත‍්‍රික්කයේ පිහිටි මෙම ගම්මානය හතර වටින්ම ජලයෙන් වට වූ ගම්මානයකි. ටිරුටර්අන්ගායි නගරයට දිවයන පටු බිම් කඩකින් පමණක් කෝඩින්හි ගම්මානය අනිකුත් බාහිර ලෝකය හා සම්බන්ධවෙයි.
පවුල් දෙදහසක් පමණක් ඇති මෙම ගම්මානයෙහි නිවුන් දරුවන් ජෝඩු 220 ක් ඇතිවීමේ අපූරු රහස සොයා ගැනීම පිළිබඳව මේ දිනවල වෛද්‍යවරුන්ගේ අවධානය යොමු වී ඇත.
2008 දී එහි සිදු වූ සාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න දරු උපත් තුන්සියයකදී නිවුන් දරු උපත් පහළොවක් සිදුවිය. දෙදහස් නමය වසරේ දී මෙලෙස සිදුවන නිවුන් උපත් සංඛ්‍යාව ඉහළ නැගුණි. පසුගිය වසර පහක කාලය ඇතුළත වසරකට නිවුන් දරු උපත් හැට බැගින් සිදුවූ අතර වසරින් වසර එම සංඛ්‍යාව ඉහළ ගියේය.
ප‍්‍රාදේශීය වෛද්‍යවරයකු හා මෙම විශ්මිත දරු උපත් පිළිබඳව දැඩි උනන්දුවක්
දක්වන වෛද්‍ය ක‍්‍රිෂ්ණා සිරිබිජු මෙලෙස අධික ලෙස නිවුන් දරුවන් බිහිවීමේ අරුමය පිළිබඳව වසර දෙකක සිට අධ්‍යයනයක නිරත වෙයි. මෙම ගම්මානයේ රාජකාරිමය වශයෙන් ලියාපදිංචිව ඇති නිවුන් ජෝඩු දරු උපත් සංඛ්‍යාව 220 ක් වුවත් වෛද්‍ය ක‍්‍රිෂ්ණා පවසන්නේ එම සංඛ්‍යාව එයට බොහෝ වැඩිවිය හැකි බවය.
මගේ වෛද්‍ය විද්‍යාත්මක දැනුම අනුව එම සංඛ්‍යාව තුන්සියයක් තුන්සිය පනහක් අතර විය හැකියි. ඔහු පවසයි.
පසුගිය දස වසර තුළ කෝඩින්හි නිවුන් ජෝඩු ඉපදීම දෙගුණයක් වී ඇත. ගම්වැසියන් පවසන්නේ මෙලෙස නිවුන් උපත් සිදුවීම ආරම්භ වූයේ පරම්පරා තුනකට ඉහතදී බවය.
වෛද්‍ය ක‍්‍රිෂ්ණ පවසන්නේ වසර හැටකට හැත්තෑවකට පෙර සිට මෙම ඉන්දීය ගම්මානයෙහි නිවුන් දරු උපත් සිදුවීම ආරම්භ වූ බවය.
කෙසේ හෝ මෙම කෝඩින්හි ගම්මානයේ සිටින පැරණිම නිවුන් දරු දෙදෙනා ඉපිද ඇත්තේ 1949 දීය. හරියටම වෛද්‍ය විද්‍යානුකූල පරීක්ෂණයක් කරන්නෙ නැතිව මට කියන්න බැහැ. මෙහෙම අපූරු නිවුන් උපත් මේ ගම්මානයේ සිදුවෙන්නෙ ඇයි කියලා. නමුත් මට හිතෙනවා මේ මිනිස්සු ආහාරයට ගන්නා මොනවා හරි දෙයක් හින්දා, එහෙම නැතිනම් බිමට ගන්නා මොනවා හරි දෙයක් හින්දා මෙහෙම වෙනවා ඇතිය කියලා. වෛද්‍ය ක‍්‍රිෂ්ණා පවසයි.
නිවුන් දරුවන් ඉපදීමට නොයෙක් හේතු ඇති. නමුත් මට ඉඩ දෙන්න කෝඩින්හි ඇති විශේෂත්වය කියලා දෙන්න වෛද්‍ය ක‍්‍රිෂ්ණාගේ ලැයිස්තුවේ ඇති කරුණු බොහෝය.
සාමාන්‍ය වෛද්‍ය විද්‍යාත්මක පිළිගැනීම වෙලා තියෙන්නෙ දරු උපත් දාහකට නිවුන් දරු උපත් තුනක් වගේ සිදුවෙනවා කියන එක. නමුත් මෙම ගම්මානයේ නිවුන් දරු උපත් පිළිබඳව සලකා බැලීමේ දී එය දහසකට හතළිස් පහක් වශයෙන් සලකන්න පුළුවන්.
සාමාන්‍යයෙන් නිවුන් උපත් වැඩි වශයෙන් සිදුවන්නෙ වයසින් වැඩි පරිණත මව්වරුන් අතර නමුත් මෙම ගම්වැසියන් වයස අවුරුදු 18-20 පමණ කාලයේ දී යුග දිවිය අරඹනවා.
අනික් කරුණ සාමාන්‍යයෙන් නිවුන් දරු උපත් ඇතිවෙන්නෙ අඩි 5 අගල් 3කට වඩා උස කාන්තාවන් අතරයි. නමුත් මෙම ගමේ කාන්තාවන්ගේ සාමාන්‍ය උස අඩි පහට වැඩිවන්නේ නැත.
මෙම අසිරිමත් දරු උපත් නිසාම අද කෝඩින්හි ගම්මානය හඳුන්වන්නේ නිවුන් නගරය වශයෙනි.
මෙම අසිරිමත් නිවුන් උපත් නිසාම නිවුන් සහ ඥාති සංවිධාන ටකා යනුවෙන් සුභසාධක ආයතනයක් ද බිහිව ඇත.
ටකා ආරම්භ කර ලියාපදිංචි කළේ නිවුන් දරුවන්ට සහ ගමේ පවුල්වල අයහට උපකාර කරන්නැයිඬ නිවුන් පුතුන් දෙදෙනෙකුගේ ආඩම්බර පියෙකු සහ ටකා සංවිධානයේ සභාපති පනස් හැවිරිදි පියුලානි බාස්කරන් පවසයි.
2008 දී සිදු කළ දළ සංගණනයක් අනුව මෙහි ගම්වාසීන් දෙදහසක් වාසය කර ඇත. ඔවුන් සුන්නි මුස්ලිම් ජනතාවය. පසුගිය වසර පහක කාලය තුළ මෙහි නිවුන් ජෝඩු උපත් 220 ක්ද තිදරු උත්පත්තීන් දෙකක් ද සිදුවී ඇත. මෙම නිවුන් ජෝඩු අතරින් හැත්තෑ නමයක් ම අවුරුදු 0-10 වයස් කාණ්ඩවල පසුවෙන්නන්ය.
ලක්බිම ලිපිය - පීටර් කැනියුට් පෙරේරා
Posted in:
ඉන්දියාවේ එකම ගමේ නිවුන් දරු උපත් 220ක්





0 comments for "ඉන්දියාවේ එකම ගමේ නිවුන් දරු උපත් 220ක්"
Leave a reply