ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ගුටිකන පිට කොන්දක් නැති පොලිස් නිලධාරීන්, යන්න ලෑස්ති වෙන්න

පොලිස් නිලධාරියකුට පහර දෙන ඕනෑම අයකුට වෙඩි තැබීමට තමා සැම පොලිස් සාමාජිකයකුටම තුවක්කුවක් හා පතුරන් 20ක් ලබාදුන් බවත්,එකිනෙකා ගෙන් ගුටිකන පිට කොන්දක් නැති පොලිස් නිලධාරීන්, තම බල ප්‍රදේශයෙන් ඉවත්ව යායුතු බවත්, බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා පවසයි. කුඩු ජාවාරම්, කප්පම් ගැනීම්, මංකොල්ල කෑම් තම බලප්‍රදේශයෙන් සහමුලින් ඉවත් කිරීමට කටයුතු කරන බව අවධාරණය කළ වාස් ගුණවර්ධන මහතා, එවැනි නීති විරෝධී
කටයුතුවල යෙදෙන අයට එම කටයුතුවලින් වහාම ඉවත්වන ලෙසද දැඩි ලෙස අවවාද කළේය. ඔහු මේ පිළිබඳව අදහස් දැක්වූයේ ඊයේ මිරිගමදී පැවති උත්සවයකදීය.

Posted in:

0 comments for " ගුටිකන පිට කොන්දක් නැති පොලිස් නිලධාරීන්, යන්න ලෑස්ති වෙන්න"

Leave a reply