ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

චන්ද්‍රිකා නින්දෙන් අවදි වෙලා කෑ ගහනවා වගෙයි. සරත් ෆොන්සේකා අද විකුණා ගන්න බැරි කුණු අඹයක් වගෙයි.


‘අද ජනාධිපතිතුමා පාරවල් කාපට් කරගෙන යනවා. ගුවන්තොටුපළ, වරායවල් හදනවා. එදා කරන්න බැරි වූ දේ අද කෙරෙනකොට චන්ද්‍රිකා නෝනට ඉවසන්න බැරිව ඇති.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා නින්දෙන් අවදි වෙලා කෑ ගහනවා වගෙයි. සරත් ෆොන්සේකා අද විකුණා ගන්න බැරි කුණු අඹයක් වගෙයි. මම දැක්කා පසුගිය දිනවල චන්ද්‍රිකා යළි වේදිකාවට නැග්ලා. අද රටේ නායකයෙක් නැහැ. රට විනාශ ඇතවෙලා. රට හදන්න  ඕනේ. වසර 11 ක් බලයේ ඉදලා කරගන්න බැරි වූ දේ අද කරන්න කතා කරනවා. මේක නින්දෙන් ඇහැරිලා වගේ වැඩක්. පසුගියදා මතුගම ප‍්‍රදේශයේ පන්සලක මුල්ගල තියන්න ඇවිත්. ඒ ආවෙත් අර්ජුන වගේ ගිලෙන නැව් එක්ක’ යැයි වරාය හා මහාමාර්ග  අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන  මහතා පැවසීය.

අමාත්‍යවරයා එසේ ප‍්‍රකාශ  කළේ කළුතර ශ‍්‍රී.ල.නි.ප. කාර්යාලයේ පැවති උත්සවයක් අමතමිනි.

අද විදුලි බිල ගැන මංගල සමරවීර මහා ලොකුවට කෑගහනවා.
ඇමතිවරු කොතරම් විදුලිය  පාවිච්චි කළත් ගෙවන්න  ඕනේ රුපියල් දෙදහසවත් ගෙවන්න නැතුව ඇති.

සජිත් පේ‍්‍රමදාස කියනවා තාත්තගේ කාලේ නම් මෙහෙම විදුලි බිල වැඩි වුණා නම් ජනතාව පාරට බැහැල කියලා. එදා ටයර්වලින් වැඬේ ගියා. එදා විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණය කළේ යූ. එන්. පී. රජයයි. ලෝක වෙළදපොළේ තෙල් මිල  ඉහළ යනකොට විදුලි බිල ඉහළ යනවා.

අද ජේ. වී. පී. එක ලයිට් බිලට එරෙහිව පන්දම් පත්තු කරන් කෑ ගහනවා. ඒත් එදා ඔවුන් ට‍්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බා. විදුලි කණු කඩා  දැම්මා. විදුලි රැුහැන්වලට පොල් ගස් කපා දමලා රැුහැන් විනාශ කළා. අද මතක නැහැ ඒවා ගැන.

ලයිට් බිල ඉහළ යෑම ගැන අපි කනගාටු වෙනවා. අද චන්ද්‍රිකා සරත් ෆොන්සේකා එකතු වෙලා ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් ගෙන යනවා. ෆොන්සේකා තම පක්ෂයට පළාත් සභා නගර සභා ප‍්‍රාදේශීය සභා සදහා නියෝජියිතයින්  පුවත්පත් දැන්වීම් දානවා’ යයිද අමාත්‍යවරයා එහිදී පැවසීය.

Posted in:

0 comments for " චන්ද්‍රිකා නින්දෙන් අවදි වෙලා කෑ ගහනවා වගෙයි. සරත් ෆොන්සේකා අද විකුණා ගන්න බැරි කුණු අඹයක් වගෙයි. "

Leave a reply