ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

මරු බඩු ටිකක් ඇමැති මණ්ඩලේ ඉන්නේ මේ අයට හිනා වෙන්න බෑ. ඒත් හිනාවෙවී ඉන්නවා.


“අද මරු බඩු ටිකක් ඇමැති මණ්ඩලෙත් ඉන්නේ. රටේ සිද්ධවෙන දේවල්වලට මේ අයට හිනා වෙන්න බෑ. ඒත් හිනාවෙවී ඉන්නවා.

නැත්නම් දන්නවනේ සිද්ධවෙන දේ. අද කෘෂිකර්මෙට මරු බඩුවක් ඉන්නේ. තට්ටෙ කස කසා මොට්ට කතාමයි කියන්නේ. අල ගොවියො කිව්වොත් පිටරට අල නිසා තමන්ගෙ නිෂ්පාදන විකුණා ගන්න බෑ කියලා, මිනිහා අහනවා කවුද අල වවන්න කිව්වෙ කියලා.

මේ වගේ අයගෙන් රටේ දියුණුවක් ඇතිවේවිද ?නෑ. ගොවියට සෙතක් වේවිද ?නෑ යි මවුබිම ජනතා පක්ෂයේ' නායක හේමකුමාර නානායක්කාර මහතා , පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් ක්‍රියාකාරීන් දැනුම්වත් කිරීම සඳහා හාලිඇළ බෝගහමඩිත්ත - නින්කි හෝටලයේදී පැවැති සම්මන්ත්‍රණයකදී
කීය.වැඩිදුරටත් කතා කළ ඒ මහතා

“හම්බන්තොට වරායක් හැදුවා. නැව් එන්නේ නෑ. මත්තල ගුවන් තොටුපොළක් හැදුවා කුරුල්ලො හැප්පිලා වීදුරු බිඳෙන නිසා ගුවන් යානා එන්නේ නෑ. මේවා තමන්ගේ පෞද්ගලික ධනයෙන් කරනවනම් අපිට කට පියාගෙන ඉන්න තිබුණා. මේ කාබාසිනියා කරන්නේ රටේ අහිංසක ජනතාවගේ මුදල්. දැන් අපි ඉවසුවා හොඳටම ඇති. අපි පොදු ඒකාබද්ධ විපක්ෂයක් ලෙස එකට එකතු වුණේ ශක්තිමත්ව නැඟී සිටිමින් ජනතාවට නායකත්වය දෙන්න.

වමට සිග්නල් දාලා දකුණට හරවන මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාපකාරී ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදීව පෙරළා දමා සියලු ජාතීන්ගේ අයිතීන් සුරකින ජනතාවාදී රජයක් බිහි කරන්න පක්ෂ, පාට, ජාති භේදයකින් තොරව පාරට බහින යුගය උදාවෙලා”යනුවෙන්ද පැවසීය.

Posted in:

0 comments for " මරු බඩු ටිකක් ඇමැති මණ්ඩලේ ඉන්නේ මේ අයට හිනා වෙන්න බෑ. ඒත් හිනාවෙවී ඉන්නවා."

Leave a reply