ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

විශ්ව විද්‍යාල ආචාර්යවරු හා කලාකරුවෝ වර්ජනයට සහාය වෙති


විදුලි බිල වැඩි කිරීමට එරෙහිව වෘත්තීය සමිති විසින් පැවැත්වීමට නියමිත් වැඩ වර්ජනය සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය හා කලාකරුවන්ගේ සහායද ලැබී තිබේ.

ඒ අනුව සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියම ආවරණය වන අයුරීන් සංකේත වැඩ වර්ජනයකට යොමුවන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය මාධ්‍ය ලේකම් ආචාර්ය මහීන් මෙන්ඩිස් මහතා සඳහන් කරයි.

විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමය විසින් මුළු දිවයිනම ආවරණය වන පරිදි දැනුම්වත් කිරීමේ වැඩ සටහන ක‍්‍රියාත්මක කිරීමටත්, එදින දහවල් 11.00 සිට 12.00 දක්වා නුගේගොඩ සුපිරි වෙළෙඳ සැල ඉදිරිපිට උද්ඝෝෂණයක්ද පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ලේකම්වරයා සඳහන් කළේය.

’අධ්‍යාපනයද, සෞඛ්‍යද, විදුලි බලයද ජනතාවට සම්බන්ධ ප‍්‍රශනයි. මේ
හැම ප‍්‍රශ්නයකදීම අපි ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා. අවිචාරවත් රජය විසින් ගනු ලබන ජනතා විරෝධි ක‍්‍රියාමාර්ගවලදී ගුරුවරු ලෙස අපි ජනතාව අවදි කරනවා’ යැයි ආචාර්යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

මේ අතර එක්දින සංකේත වැඩ වර්ජනය සඳහා ධර්මසේන පතිරාජ, බුද්ධදාස ගලප්පත්ති, රංජන් රාමනායක, ආරියවංශ රණවීර, ජයතිලක කම්මැල්ලවීර, ප‍්‍රසන්න විතානගේ ඇතුළු කලාකරුවන් පිරිසක්ද සිය සහාය පළ කිරීමට තීරණය කර තිබේ.

Posted in:

0 comments for "විශ්ව විද්‍යාල ආචාර්යවරු හා කලාකරුවෝ වර්ජනයට සහාය වෙති"

Leave a reply