උතුරු දුම්රිය මාර්ගය විවෘත කිරීමට 'සියල්ල සූදානම්'

ලබන ජුලි මාසය වන විට ඕමන්තේ සිට කිලිනොච්චිය දක්වා උතුරු දුම්රිය මාර්ගය විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් බව ආණ්ඩුව පවසයි.
ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මඩු නගරයේදී ඒ බව ප්‍රකාශ කළේ වසර 23 කට පසුව මැදවච්චිය සහ මඩු අතර දුම්රිය මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව උත්සව සභාව අමතමින්.
ඉන්දීය රජය විසින් ලබා දුන් මූල්‍ය ආධාර යොදාගනිමින් යුද්ධයෙන් විනාශ වූ කිලෝමීටර 43 ක් දිග මෙම මාර්ගය ඉදි කොට තිබෙන්නේ ඉන්දීය ඉරිකොන් (Irikon)
සමාගම විසින්.
ජුනි මාසයේ සිට අගෝස්තු දක්වා පැවැත්වෙන මඩු මංගල්‍යයට සහභාගි වීමට නියමිත බැතිමතුන්ට පහසුකම් සැලසීම 2011 දී ආරම්භ කරන ලද ඩොලර් අට කෝටි දස ලක්ෂයක එම ව්‍යාපෘතිය ඉක්මනින් නිම කිරීමේ අරමුණයි.
මඩු නගරයේ සිට තලෙයිමන්නාරම දක්වා තවත් කිලෝමීටර 63 ක ප්‍රමාණයක ඉදි කිරීමට තිබෙන බව එහිදී පෙන්වා දුන් ඉන්දීය මහ කොමසාරිස් අශෝක් කාන්තා එම දුම්රිය මාර්ගයේ කටයුතුත් ඉතා ඉක්මනින්ම නිම කරන බවද සඳහන් කළේය.
මැදවච්චිය සහ මඩු දුම්රිය මාර්ගයේ පිහිටි සෙට්ටිකුලම් සහ නෙරියකුලම් දුම්රිය ස්ථානද එහිදී විවෘත කෙරිණ.
ආර්ථික සංවර්ධන කටයුතු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක්ද උත්සවයට එක්වී සිටියහ.
0 comments for "උතුරු දුම්රිය මාර්ගය විවෘත කිරීමට 'සියල්ල සූදානම්'"
Leave a reply