පිළිකාවෙන් බේරීමට හොලිවුඩ් තරුවක් පියයුරු ඉවත් කරයි
පියයුරු පිළිකා ඇතිකරන ජානයක් තමන් තුල නිධන් ගත වී ඇති හෙයින් පිළිකා ඇති වීමට සියයට අනූවක අවදානමක් පවතින බව පවසන ඇය එබැවින් තමන් මේ පියවර ගත් බවද සඳහන් කරන්නීය.
ඇගේ මවත් මිය
ගොස් ඇත්තේ පියයුරු පිළිකාවෙන්.
තමන් පියයුරු පිළිකාවෙන් මියගියහොත් ඒ ගැන බිය නොවන මෙන් දැන් තමන්ගේ දරුවන්ට කිව හැකි යැයි ඇන්ජලීනා ජොලී කියා සිටියාය.
පියයුරු ඉවත් කිරීමේ සැත්කමේ සෑම මොහොතකදීම තම සැමියා වූ සිනමා නළු බ්‍රැඩ් පිට් තමන් හා රැඳී සිටීම ගැන ඇය තම කෘතවේදී බව පළ කොට සිටියාය.


0 comments for "පිළිකාවෙන් බේරීමට හොලිවුඩ් තරුවක් පියයුරු ඉවත් කරයි"
Leave a reply