අසාද් සාලි අත් අඩංගුවට ගැනීම නීතිය අභිබවා යාමක් - හකීම්
.jpg)
මුස්ලිම්-දෙමළ ජාතික සන්ධානයේ නායක අසාද් සාලි අත් අඩංගුවට ගැනීමේදී
ශ්‍රී ලංකා බලධාරීන් රටේ නීතියට පටහැනිව කටයුතු කොට තිබෙන බව අධිකරණ
ඇමතිවරයා පවසයි.
අත් අඩංගුවට ගැනීමේදී ඔහුට එරෙහි චෝදනා ඉදිරිපත් නොකිරීම ශ්‍රී ලංකාවේ නීතිය අභිබවා යාමක් බව රවුෆ් හකීම් ඇමතිවරයා bbc යට පවසා ඇත.
කිසියම්
පුද්ගලයෙක් අත් අඩංගුවට ගැනීමේදී ඔහුට හෝ ඇයට එරෙහිව චෝදනා ඉදිරිපත් කළ
යුතු නමුත් කොළඹ හිටපු නියෝජ්‍ය පුරපතිවරයකු වන අසාද් සාලි අත් අඩංගුවට
ගැනීමේදී ඔහුට එරෙහි චෝදනා ඉදිරිපත් නොකිරීම ශ්‍රී ලංකාවේ නීතිය අභිබවා
යාමක් බව රවුෆ් හකීම් ඇමතිවරයා bbc පැවසීය.
ඔහුට එරෙහි
නිශ්චිත චෝදනා ඉදිරියේදී හෙළිදරව් කරන බව ජාතික
ආරකෂාව පිලිබඳ මාධ්‍ය
මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල පවසන අතර, චෝදනා තිබේ නම්
ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත් එසේ නැත්නම් නිදහස් කරන ලෙසටත්
කැනේඩියානු
රජය සහ ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් මානව හිමිකම් සංවිධානය ඉල්ලා සිටී.
ඔහු
අත් අඩංගුවට ගෙන තිබෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ නම්, එම පණත
යටතේ අත් අඩංගුවට ගත යුතු තවත් බොහෝ දෙනා ශ්‍රී ලංකාවේ සිටින බවද අධිකරණ
ඇමතිවරයා සංදේශයට පැවසීය.
වවුනියාවේ සංචාරයක යෙදී සිටියදී දිනසේන රතුගමගේ මතුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනුයි, අමාත්‍යවරයා එම අදහස් පළ කළේ.
අසාද් සාලි නිදහස් කර ගැනීම පිණිස මේ වනවිට ජනාධිපතිවරයා ඇතුළු බොහෝ දෙනකු සමඟ තමා සාකච්ඡා පවත්වා තිබෙන බවද ඇමතිවරයා පැවසීය.
0 comments for "අසාද් සාලි අත් අඩංගුවට ගැනීම නීතිය අභිබවා යාමක් - හකීම්"
Leave a reply