ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

මෝටර් රථ තරගවලට මහනුවර ඉඩදෙන්න එපා - අස්ගිරි මල්වතු නාහිමිවරුන්ට ඉල්ලීමක්

මහනුවර නගර මධ්‍යයේ පැවැත්වීමට නියමිත මෝටර් රථ ධාවන තරගය නැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහනුවර උරුමය සුරැකීමේ පදනම මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

එම පදනමේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ප්‍රේමවංශ මහතා ඇතුළු පිරිසක් අදාළ ඉල්ලීම මහනාහිමිවරුන් වෙත අද දිනයේ ලිඛිතව භාරදුන් බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

මෙම මස 17 , 18 යන දෙදින මහනුවර නගර මධ්‍යයේ රාත්‍රී මෝටර් රථ ධාවන තරගය පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙම මෝටර් රථ ධාවන තරගය පැවැත්වීම තුළින් මහනුවර ආගමික
පෞරාණික තත්ත්වයට හානී සිදුවන බව මහනුවර උරුමය සුරැකීමේ පදනමේ සභාපති නිමල් ප්‍රේමවංශ මහතා සඳහන් කළේය.

අදාළ තත්ත්වය පිළිබඳව අස්ගිරි මහනාහිමියන් හා ඒකාබද්ධව ලිපියක් ජනාධිපතිවරයා වෙත යැවීමට කටයුතු කරන බව මල්වතු මහනායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් ප්‍රකාශ කළ බව ද නිමල් ප්‍රේමවංශ මහතා පැවසීය.

මෙම ගැටලුවට විසඳුම් නොලැබුණහොත් අධිකරණයට ගොස් හෝ මහනුවර උරුමය රැකගැනීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Posted in:

0 comments for "මෝටර් රථ තරගවලට මහනුවර ඉඩදෙන්න එපා - අස්ගිරි මල්වතු නාහිමිවරුන්ට ඉල්ලීමක්"

Leave a reply