ජනපතිගේ කතාව යන අතරේ වයර් ගලවලා සජීවී විකාශය ඇණහිටලා
ජනපතිවරයා මැයි දින වේදිකාවේ සිට සිදුකරනු ලබන කතාව රූපවාහිනිය හා ස්වාධීන රූපවාහිනියෙන් සජීවීව විකාශනය කිරීමට කටයුතු යොදා තිබූ නමුත් එය ආරම්භ වී මද වේලාවකින් සජීවී විකාශය ඇණහිටින ලදී.
එම නාලිකා දෙකේ කාර්මික ශිල්පීහු කලබලයට පත්ව ඒ මේ අතර දුවමින් සිදු වූ දේ සොයන්නටවූහ.
සිදුව තිබුණේ විද්‍යුත් නාලිකාවන්ට රූප රාමු සපයන සම්බන්ධතා වයරය ගැලවී තිබීමයි. එය ගැලවී තිබූ ආකාරය අනුව එය යම් පුද්ගලයෙකු විසින් ගලවා දමන්නට ඇතැයි නිගමනයට එළෙඹි කාර්මික
ශිල්ලපීහු මෙය සිදුකරන ලද්දේ කවුරුන්ද යන්න හොයන්නට විය.
ජනාධිපති මාධ්‍ය අංශයේම නිලධාරියකුවිසින් තම හිතුමතේට එය සිදුකර ඇතැයි පසුව අනාවරණය කර ගැනීමට ඔවුන්ට හැකිවිය.
දැඩි ආරක්ෂාවක් යොදා තිබූ එම ස්ථානයේ මෙවැනි දෙයක් සිදුකළේ කෙසේදැයි සෙවීමට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද වාර්තාවේ.
0 comments for "ජනපතිගේ කතාව යන අතරේ වයර් ගලවලා සජීවී විකාශය ඇණහිටලා"
Leave a reply