ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

අනුරාධපුර පෙම්වතුන්ට පොලිසිය දුෂ්ටයා වෙයි


අනුරාධපුර මල්වතුඔය අසබඩ පිහිටා ඇති රිවර් පාර්ක් උද්‍යානයේ අශෝභන ලෙස පෙම්සුව  විඳිමින් සිටි බව කියන තරුණ තරුණියන් සියයකට වැඩි පිරිසක් අනුරාධපුර මූලස්ථාන ‍පොලීසිය කළ වැටලීමකින් පෙරේදා 18දා ‍පොලිස් භාරයට පත්වී ඇත. ‍
පොලීසිය මෙම වැටලීම කරන අවස්ථාවේ රිවර්  පාර්ක් උද්‍යානයේ විවිධ ස්ථානවල පෙම් සුව විඳිමින් තරුණ තරුණියන් 120කට ආසන්න පිරිසක් සිට ඇත. මෙම පිරිස අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ දේශන ශාලාව වෙත රැගෙන විත් තරයේ අවවාද කර මුදා හැර ඇත. ‍
පොලිස් භාරයට පත් වුණු තරුණ
තරුණියන් වයස අවුරුදු 18-20ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන් වේ. සෙනසුරාදා සහ ඉරිදා දිනයන් වල අතිරේක පන්ති යන මුවාවෙන් නිවසේවලින් අනුරාධපුරයට පැමිණෙන බොහෝ තරුණ තරුණියන් සවස් වන තුරුම කාලය ගත කරන්නේ මෙම ස්ථානයේය.
අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියේ ස්ථානාධිපති, ප්‍රධාන ‍පොලිස්  පරීක්ෂක තිස්ස විතානගේ මහතා විසින් සති දෙකකට පමණ වරක් මෙම ස්ථානය වටලන ලෙස  ළමා හා කාන්තා කාර්යංශයට උපදෙස් දී ඇති අතර ඒ සෑම අවස්ථාවකදීම විශාල තරුණ තරුණියන් පිරිසක් මෙම ස්ථානයේ අශෝභන ලෙස හැසිරෙමින් පෙම් සුව විඳිමින් සිටියදී අත්අඩංගුවට පත්ව ඇත.

Posted in:

0 comments for "අනුරාධපුර පෙම්වතුන්ට පොලිසිය දුෂ්ටයා වෙයි"

Leave a reply