ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

මම උපේක්ෂාව බ‍දින්නේ නැහැ - අකලංක ගනේගම

ටෙලිනාට්‍ය නිළි පබා ලෙස වර්තමානයේ ප්‍රසිද්ධ උපේක්ෂා ස්වර්ණමාලි මන්ත්‍රීවරිය ක්‍රිකට් ක්‍රීඩකයෙක් හා නළුවෙක් වන අකලංක ගනේගම සමග විවාහ වන්නට යන බවට පසුගිය දිනවල කටකතා පැතිරුණා.

පසුගිය දිනවල දැඩි පාලුවකින් පසුවූන බව පබා විසින් ටැබ්ලොයිඩ් පුවත් පතකට පවා ප්‍රකාශ කොට තිබුණි.

මේ හේතුවෙන් ඇයගේ පාළුව මැකීම සඳහා ඒ දිනවල බොහෝ දෙන ඉදිරිපත්ව තිබුණු නමුත් ඇය එම ඉඩකඩ ක්‍රිකට් නොගසන නමුත් ක්‍රිකට් නිසාම නැට්ටුවෙක් බවට
පත්වූ අකලංක ගනේගම හට වෙන් කරදී තිබු සැවොම දන්නා රහසකි...
කෙසේ නමුත් දැන් අකලංක ගනේගම විවාහ වන්නේ උපේක්ෂා සමග නෙමෙයි කියලයි අකලංක ඉරිදා රිවිර පුවත්පතට අදහස් දක්වමින්  පවසා තිබෙන්නේ ..

ඔක්තොම්බර් මාසයේ විවාහ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා..විවාහයට මේ දවස්වල සියල්ල සූදානම් කරනවා එත් තවම දවස තීරණය කරලා නැහැ ඔක්තොම්බර් මාසේ විවාහ වුනේ නැත්නම් අනිවාර්යයෙන්ම ලබන අවුරුද්දේ මුල මගේ විවාහය සිදු වෙනවා.

මගේ බිරිඳ වෙන්නේ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නෙමෙයි. ඇය මේ වෙනකොට විදේශ රටක ජීවත් වෙන්නේ.උපේක්ෂා මගේ හොඳ යාලූවෙක් විතරයි. ඇය මගේ පෙම්වතිය වුණේ නැහැ. මම නිර්මාණ කිහිපයකම ඇය සමග රගපානවා.

ටෙලි නාට්‍ය දෙකක අපි පෙම්වතුන් විදිහට රගපානවා. සඳරුවන් අධ්‍යක්ෂණය කරන ටෙලිනාට්‍යයේ මම රගපාන්නේ නලීන්ගේ චරිතය. අනිත් ටෙලිනාට්‍ය රශ්මි. අපි දෙන්නට පෙම්වතුන් විදිහට රගපාන්න හරියට ආරාධනා ලැඛෙනවා. ඒවායින් තෝරා ගත්ත කිහිපයකට තමයි සම්බන්ධ වුණේ.

මම කැමැති නැහැ හැමදාම එකම රාමුවකට කොටු වෙන්න. ඇය මගේ පෙම්වතිය විදිහට හැමදාම පුංචි තිරයේ හෝ රිදී තිරයේ දකිනවට මම කැමැතිත් නැහැ. ඇයත් ඒ මතයේම ඉන්නවා. ඉල්ලූමක් තියෙන නිසා දැනට සම්බන්ධ වෙනවා.

Posted in:

0 comments for "මම උපේක්ෂාව බ‍දින්නේ නැහැ - අකලංක ගනේගම"

Leave a reply