නවසීලන්තයෙන් එන විස කිරිපිටිවලට තහනමක්
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව එම තීරණයට එළැඹීමෙන් පසු එය ගැසට් නිවේදනයකින් අද ප්‍රකාශයට පත්කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
මෙරටට ආනයනය කරන ලද කිරිපිටිවල ඩයිසයනයිඩ් ආදී විස රසායන ද්‍රව්‍ය අඩංගු බවට මේ දිනවල කරුණු අනාවරණය වී ඇති බැවින් එවැනි රසායනිකයන් කිරිපිටිවල කුමන ප්‍රතිශතයකින් තිබිය යුතු දැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර උපදේශක කමිටුව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විමසා තිබේ. එවැනි ප්‍රතිශත පිළිබඳ ප්‍රමිතියක් තමන් සතුව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දී ඇත.
කිරිපිටිවල තිබිය යුතු දේ හැර නොතිබිය යුතු කිසිවක් සුළු වශයෙන් හෝ නොතිබිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ තීරණයයි. ඒ අනුව මිනිස් සිරුරට අහිතකර දේ කිරිපිටිවල සුළු වශයෙන් හෝ නොතිමිය යුතු බැවින් ආහාර උපදේශක කමිටුව ශ්‍රී ලංකාවට එවැනි කිරිපිටි ආනයනය තහනම් කිරීමට තීරණය කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය කීය.
මෙරටට ගෙන්වන කිරිපිටි වර්ග පරීක්ෂා කොට විස රසායන අඩංගු බවට අනාවරණය වන වර්ග සියල්ලම තහනම් කිරීමට නියමිත බවද අමාත්‍යංශය පවසයි.
ශ්‍රී ලංකාවේ ආහාර සම්බන්ධයෙන් වගකීම එම උපදේශක කමිටුව සතු වන අතර එහි බලධරයා වන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා බවද අමාත්‍යංශය පැවැසීය.
Posted in:
කිරිපිටි,
තහනමක්,
නවසීලන්තයෙන්

0 comments for "නවසීලන්තයෙන් එන විස කිරිපිටිවලට තහනමක්"
Leave a reply