ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

මැතිව්ස් අයි.පී.එල් පූනෙ වොරියර්ස් නායකත්වයෙන් ඉවත්වෙයි


ශ්‍රී ලංකා ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් 2013 ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ පූනෙ වොරියර්ස් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.
තමා මෙම තරගාවලියේ නායකත්වය ඉතා කැමැත්තෙන් දැරූ බවත්, කණ්ඩායමේ සමතුලිතතාව මානව ආරක්ෂා කරගත් බවත් මැතිව්ස් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇති වග ඉන්දීය මාධ්‍ය උපුටා දක්වයි.
කෙසේ වෙතත් මෙම තරගාවලියේ මැතිව්ස් නායකත්වය දැරූ පූනෙ වොරියර්ස් කණ්ඩායම තරග 10ට සහභාගීවී ජයග්‍රහණය ලබා ඇත්තේ තරග දෙකක් පමණක් බවද
සඳහන් වේ.
මැතිව්ස් තරගාවලියේ කැපී පෙනෙන දක්ෂතා නොදැක්වීම නිසා ඔහු වෙනුවට ක්‍රීඩා කිරීමට රොස් ටේලර් යොදවනු ඇති බවද ඉන්දීය මාධ්‍ය කියා සිටියි.
කෙසේ වෙතත් පූනෙ වොරියර්ස් කණ්ඩායමේ නායකත්වය මින් ඉදිරියට ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඇරොන් ෆින්ච් විසින් දරනු ඇති අතර ඔහු මෙම තරගාවලියේ තරග 8ට සහභාගීවී ලකුණු 281 ක් ලබා සිටියි.

Posted in:

0 comments for "මැතිව්ස් අයි.පී.එල් පූනෙ වොරියර්ස් නායකත්වයෙන් ඉවත්වෙයි"

Leave a reply