දුරකතන සහ ඊමේල්වලින් සුවඳ යවන ක‍්‍රමයක්
එම සමාගම චැට්පර්ෆ් (Chatperf) නම් වේ. සුවඳ විහිදුවාලන මෙම වනතම සන්නිවේදන උපකරණය හැඳින්වෙන්නේ සෙන්ට් (Scentee) ලෙසය. තවමත් ප‍්‍රදර්ශනාත්මක මූලාකෘතියක් ලෙස පවතින මෙම උපාංගය ඇපල් වර්ගයේ ජංගම දුරකථනවල දැනට ක‍්‍රියාත්මක කළ හැකි බවත් එළැඹෙන සැප්තැම්බර් මාසයේදී ඇන්ඩ්‍රොයිඞ්වර්ගයේ ජංගම දුරකථනවල භාවිතය සඳහා ද සෙන්ට් සූදානම් කරවන බවත් වාර්තා වේ.
මානසික පීඩාවට හෝ වෙහෙසට පත්ව සිටිනා මිතුරකු වෙත ඔබ
සමාජ ජාල වෙබ් අඩවියක් හරහා පණිවුඩයක් යවන්නේ නම් මෙම උපාංගය භාවිත කොට මනස සුවපත් කරනා සුවඳක් ඒ සමග මුසු කොට යැවිය හැකි වනු ඇත.
ජංගම දුරකථන ක‍්‍රීඩාවල නියැළීමේදී වෙඩි තබා ගන්නා ක‍්‍රීඩාවකදී වෙඩි බෙහෙත් සුවඳද රසකැවිලි සම්බන්ධ ක‍්‍රීඩාවකදී රස කැවිලි සුවඳද විඳිමින් ක‍්‍රීඩාවේ යෙදීමට ඔබට මෙමගින් අවස්ථාව සැලසේ.
Posted in:
දුරකතන සහ ඊමේල්වලින් සුවඳ යවන ක‍්‍රමයක්

0 comments for "දුරකතන සහ ඊමේල්වලින් සුවඳ යවන ක‍්‍රමයක්"
Leave a reply