කවුරු කොහොම හිතුවත් මගේ රඟපෑම් ඉවර නෑ-කමල් අද්දරආරච්චි
"අවුරුද්දෙන් පස්සේ රඟපෑම් ඉවරයි" කොළඹ තැන තැන ඇලවුණු පෝස්ටර් අතර කාගේත් අවධානය දිනාගත්ත මේ පෝස්ටරය දැකලා කලාවට හිතැති අපගේ හදගැස්ම වැඩිවුණා. උදයසිරි වික්‍රමරත්නගේ අලුත්ම නාට්‍ය නිර්මාණය "රඟපෑම ඉවරයි" ගැන ඉඟියක් දෙන්න තමයි මේ දැන්වීම් ඇලවිලා තියෙන්නේ. කාගෙ කාගෙත් හදගැස්ම වැඩි කරපු දැන්වීමේ සුලමුල හොයා ගන්න අපි කතා කළේ කමල් අද්දරආරච්චිට.
• කමල් අද්දරආරච්චි කියන රංගන ශිල්පියා බිහිවුණේ වේදිකාවෙන්. ඒ ආරම්භය සිහිපත් කළොත්?
ඔව්. මම මහජන වේදිකාවට ආවේ 1978 වර්ෂයේදි. ඒ 'අනේ අබ්ලික්' කියන නාට්‍යයෙන්. එදා මේ නාට්‍යය නිර්මාණය වුණේ ජාත්‍යන්තර තරුණ වර්ෂය කේන්ද්‍ර කරගෙන. ඊට පස්සෙ පටන්ගත්ත ගමන තමයි මේ.
• වේදිකාවෙන් මේ ගමන ආරම්භ කළ කමල් ඇයි කාලයක් වේදිකාව අමතක කරලා හිටියේ.
නෑ... නෑ... එහෙම නෑ. මම වේදිකාවේ ගොඩක් වැඩ කළා.
අන්තිමට හිටියේ ඉංගී්‍රසි වේදිකා නාට්‍යයක. පස්සේ වසර 6කට විතර පස්සෙ තමයි මේ නාට්‍යයට සම්බන්ධ වුණේ.
• ඇයි ඒ තරම් කාලයක් වේදිකාවට සම්බන්ධ නොවී සිටියේ.
නෑ. ඒ කාලේ චිත්‍රපට 4ක විතර ප්‍රධාන චරිත නිරූපණය කළා. හොඳ නාට්‍ය පිටපත් සොයා ගන්නවා කියන්නේ ඉතාම අමාරු වැඩක්. සිනමාවටත් මේ දේ පොදුයි. ඒ නිසා තමයි මේ කාලයේ වේදිකාවට සම්බන්ධ වෙන්න බැරි වුණේ.
• අවුරුදු හයකට පස්සේ වේදිකාවට එද්දි නුහුරු බවක් දැනුණේ නැද්ද
අපි දැන් ප්‍රවීණ රංගන ශිල්පීන්. ඒ නිසා අපිට කොයිතරම් කාලෙකින් මේ ක්ෂේත්‍රයට ආවත් නුහුරු බවක් දැනෙන්න විදියක් නෑ.
වේදිකාව කියන්නේ අපේ තිඹිරිගෙය. අපි උපන් තැන. පොළොස් ඇඹුලුයි, පොල් සම්බලුයි එක්ක සිංහල හාලේ බත් කනවා වගේ වැඩක්. මට වේදිකාව හොඳට හුරුයි. ඒ වගේම හොඳට රහයි.
• 'රඟපෑම් ඉවරයි' නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?
උදයසිරි වික්‍රමරත්න කියන අධ්‍යක්ෂවරයා තමයි මට මේකට සම්බන්ධ වෙන්න කියලා කතා කළේ. ඔහු 'සුද්දෙක් ඔබ අමතයි' කියන නාට්‍යය කරලා තිබුණට මම ඒක නරඹලා තිබුණේ නෑ. ඒත් පිටපත කියෙව්වම මට 'රඟපෑම් ඉවරයි' නාට්‍යයට සම්බන්ධවෙන්න හිතුණා.
• මේ නාට්‍යයේ ඔබට ලැබුණ චරිතය මොන වගේද?
මම රඟපාන්නේ සබකෝලයා කියන චරිතය. ඒක යම්කිසි හාසේයා්ත්පාදක සහ යථානුරූපී චරිතයක්. ඒ වගේම ඒ චරිතයේ පොඩි ශෛලිගත බවකුත් තිබුණා.
• 'රඟපෑම් ඉවරයි' නාට්‍යයේ පුහුණුවීම් ඔබ නිවෙසේ සිටම සිදු කළා කියන්නේ ඇත්තද?

නළුවෙක් හැටියට මගේ රංගන කාර්යයට පහසුවෙන පසුබිමක් මම හදාගෙන තියෙනවා. මට ඒක පහසුයි. වෙන පුහුණුවීම් ශාලාවලට වැඩිය මෙතනට එන අයට පහසුකම් වැඩියි. මෙතනට එන කාටත් පුහුණුවීම් කටයුතු බොහොම සන්සුන්ව සහ ප්‍රියමනාපව කරන්න පුළුවන්.
• වේදිකාවට සම්බන්ධ වෙනවා කියන්නේ පහසුවට වඩා කරදර විඳින්න වෙන වැඩක්. ඒ වෙනුවෙන් රට වටා යමින් ලොකු කැපකිරීමක් කරන්න සිදුවෙනවා.
අපෝ... ඒ කැප කිරීම කරන්න මම සූදානම්. මම ඉතාම කැමැත්තෙන් බාරගන්න වැඩක් නිසා මම ඒ කැපවීම බොහොම කැමැත්තෙන් ඉටු කරනවා.
• රඟපෑම් ඉවරයි නාට්‍යය සම්බන්ධයෙන් මේ තරම් පැහැදෙන්න හේතුව මොකක්ද?
මම හරිම කැමැත්තෙන් පුහුණුවීම් කරපු චරිතයක්. මේ නිර්මාණය හරියට මම මට කරගන්න ශාන්තිකර්මයක් වගෙයි කියලා මට හිතෙනවා. සාමාන්‍යයෙන් රංගන කාර්යය හරියට කරගන්න බැරිවුණා කියලා යම් වෙලාවක කිසියම් මානසික පීඩනයක් ඇතිවෙනවා නම් ඒ පීඩනය සම්පූර්ණයෙන්ම මුදාහරින්න පුළුවන් නිර්මාණයක් කියලා හඳුන්වා දෙන්න පුළුවන්. මේ නාට්‍ය බලන ඕනම කෙනෙක්ට රංගනය කියන්නේ මොකක්ද කියන එක ගැන සුවිශේෂී අපූර්වත්වයක් දකින්න පුළුවන්. කෙනකුට මුළු ජීවිත කාලයටම නොලැබෙන අත්දැකීමක්. මම කියනවාට වඩා විවෘත මනසකින් ඇවිත් තේරුම් ගැනීමයි වැදගත්.
• ඔබේ සිනමා ගමන පටන් ගන්නේ 'සාගරයක් මැද' කියන චිත්‍රපටයත් එක්ක. ඒ ආරම්භය කොයි වගේද?
ඔව්. ඒත් ඒ ගමනටත් අත්වැලක් වුණේ වේදිකා නාට්‍යම තමයි. මගේ වේදිකා නාට්‍යයක් බලන්න දවසක් 'සාගරයක් මැද' චිත්‍රපටයේ නිෂ්පාදකවරයාත් ඇවිත් තිබුණා. ඔහුට පැවැරී තිබුණ කාර්යභාරයක් තමයි ඔහුගේ චිත්‍රපටයට ශිල්පීන් සොයා ගැනීම. ඉතිං එදා මගේ හැකියාවන් දැකලා සම්මුඛ පරීක්ෂණයට මාව කැඳෙව්වා.
• රංගන ශිල්පියෙක් විදියට ඔබ පැමිණි ගමන් මගේදි ජයන්ත චන්ද්‍රසිරි කියන නිර්මාණකරුවාගේ හඳුනා ගැනීමත් සුවිශේෂීයි නේද?
මගේ මුල්ම වේදිකා නාට්‍යය වන 'අනේ අබ්ලික්' කරද්දි අපි නාට්‍ය වැඩමුළුවක් කළා. මාස තුනක් විතර තිස්සේ උදේ 9.00 ඉඳලා හවස 5.00 වෙනකල් මේ වැඩමුළුවට අපි සම්බන්ධ වුණා. එතනදි තමයි මට ජයන්ත චන්ද්‍රසිරිව හඳුනාගන්න ලැබුණේ. ඒ බැඳීම ඉතා දිගු කාලයක් පැවතුණා. ජයන්තගේ මුල්ම නාට්‍ය වුණේ 'සරස්වතී' ඊළඟට 'අත්' මේ හැම නිර්මාණයකටම වගේ මම සම්බන්ධ වුණා.
• 'රඟපෑම් ඉවරයි' නාට්‍යයෙන් පස්සේ කමල්ගෙ රඟපෑම් ඉවර වෙයිද?
එහෙම කට්ටිය හිතාගෙන ඇති. ඒත් තාම මගේ රඟපෑම් ඉවර නෑ. හොඳ නිර්මාණවලින් මාව දකින්න ලැබෙයි.
වාසනා සුරංගිකා විතානගේ
• කමල් අද්දරආරච්චි කියන රංගන ශිල්පියා බිහිවුණේ වේදිකාවෙන්. ඒ ආරම්භය සිහිපත් කළොත්?
ඔව්. මම මහජන වේදිකාවට ආවේ 1978 වර්ෂයේදි. ඒ 'අනේ අබ්ලික්' කියන නාට්‍යයෙන්. එදා මේ නාට්‍යය නිර්මාණය වුණේ ජාත්‍යන්තර තරුණ වර්ෂය කේන්ද්‍ර කරගෙන. ඊට පස්සෙ පටන්ගත්ත ගමන තමයි මේ.
• වේදිකාවෙන් මේ ගමන ආරම්භ කළ කමල් ඇයි කාලයක් වේදිකාව අමතක කරලා හිටියේ.
නෑ... නෑ... එහෙම නෑ. මම වේදිකාවේ ගොඩක් වැඩ කළා.
අන්තිමට හිටියේ ඉංගී්‍රසි වේදිකා නාට්‍යයක. පස්සේ වසර 6කට විතර පස්සෙ තමයි මේ නාට්‍යයට සම්බන්ධ වුණේ.
• ඇයි ඒ තරම් කාලයක් වේදිකාවට සම්බන්ධ නොවී සිටියේ.
නෑ. ඒ කාලේ චිත්‍රපට 4ක විතර ප්‍රධාන චරිත නිරූපණය කළා. හොඳ නාට්‍ය පිටපත් සොයා ගන්නවා කියන්නේ ඉතාම අමාරු වැඩක්. සිනමාවටත් මේ දේ පොදුයි. ඒ නිසා තමයි මේ කාලයේ වේදිකාවට සම්බන්ධ වෙන්න බැරි වුණේ.• අවුරුදු හයකට පස්සේ වේදිකාවට එද්දි නුහුරු බවක් දැනුණේ නැද්ද
අපි දැන් ප්‍රවීණ රංගන ශිල්පීන්. ඒ නිසා අපිට කොයිතරම් කාලෙකින් මේ ක්ෂේත්‍රයට ආවත් නුහුරු බවක් දැනෙන්න විදියක් නෑ.
වේදිකාව කියන්නේ අපේ තිඹිරිගෙය. අපි උපන් තැන. පොළොස් ඇඹුලුයි, පොල් සම්බලුයි එක්ක සිංහල හාලේ බත් කනවා වගේ වැඩක්. මට වේදිකාව හොඳට හුරුයි. ඒ වගේම හොඳට රහයි.
• 'රඟපෑම් ඉවරයි' නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?
උදයසිරි වික්‍රමරත්න කියන අධ්‍යක්ෂවරයා තමයි මට මේකට සම්බන්ධ වෙන්න කියලා කතා කළේ. ඔහු 'සුද්දෙක් ඔබ අමතයි' කියන නාට්‍යය කරලා තිබුණට මම ඒක නරඹලා තිබුණේ නෑ. ඒත් පිටපත කියෙව්වම මට 'රඟපෑම් ඉවරයි' නාට්‍යයට සම්බන්ධවෙන්න හිතුණා.
• මේ නාට්‍යයේ ඔබට ලැබුණ චරිතය මොන වගේද?
මම රඟපාන්නේ සබකෝලයා කියන චරිතය. ඒක යම්කිසි හාසේයා්ත්පාදක සහ යථානුරූපී චරිතයක්. ඒ වගේම ඒ චරිතයේ පොඩි ශෛලිගත බවකුත් තිබුණා.
• 'රඟපෑම් ඉවරයි' නාට්‍යයේ පුහුණුවීම් ඔබ නිවෙසේ සිටම සිදු කළා කියන්නේ ඇත්තද?

නළුවෙක් හැටියට මගේ රංගන කාර්යයට පහසුවෙන පසුබිමක් මම හදාගෙන තියෙනවා. මට ඒක පහසුයි. වෙන පුහුණුවීම් ශාලාවලට වැඩිය මෙතනට එන අයට පහසුකම් වැඩියි. මෙතනට එන කාටත් පුහුණුවීම් කටයුතු බොහොම සන්සුන්ව සහ ප්‍රියමනාපව කරන්න පුළුවන්.
• වේදිකාවට සම්බන්ධ වෙනවා කියන්නේ පහසුවට වඩා කරදර විඳින්න වෙන වැඩක්. ඒ වෙනුවෙන් රට වටා යමින් ලොකු කැපකිරීමක් කරන්න සිදුවෙනවා.
අපෝ... ඒ කැප කිරීම කරන්න මම සූදානම්. මම ඉතාම කැමැත්තෙන් බාරගන්න වැඩක් නිසා මම ඒ කැපවීම බොහොම කැමැත්තෙන් ඉටු කරනවා.
• රඟපෑම් ඉවරයි නාට්‍යය සම්බන්ධයෙන් මේ තරම් පැහැදෙන්න හේතුව මොකක්ද?
මම හරිම කැමැත්තෙන් පුහුණුවීම් කරපු චරිතයක්. මේ නිර්මාණය හරියට මම මට කරගන්න ශාන්තිකර්මයක් වගෙයි කියලා මට හිතෙනවා. සාමාන්‍යයෙන් රංගන කාර්යය හරියට කරගන්න බැරිවුණා කියලා යම් වෙලාවක කිසියම් මානසික පීඩනයක් ඇතිවෙනවා නම් ඒ පීඩනය සම්පූර්ණයෙන්ම මුදාහරින්න පුළුවන් නිර්මාණයක් කියලා හඳුන්වා දෙන්න පුළුවන්. මේ නාට්‍ය බලන ඕනම කෙනෙක්ට රංගනය කියන්නේ මොකක්ද කියන එක ගැන සුවිශේෂී අපූර්වත්වයක් දකින්න පුළුවන්. කෙනකුට මුළු ජීවිත කාලයටම නොලැබෙන අත්දැකීමක්. මම කියනවාට වඩා විවෘත මනසකින් ඇවිත් තේරුම් ගැනීමයි වැදගත්.
• ඔබේ සිනමා ගමන පටන් ගන්නේ 'සාගරයක් මැද' කියන චිත්‍රපටයත් එක්ක. ඒ ආරම්භය කොයි වගේද?
ඔව්. ඒත් ඒ ගමනටත් අත්වැලක් වුණේ වේදිකා නාට්‍යම තමයි. මගේ වේදිකා නාට්‍යයක් බලන්න දවසක් 'සාගරයක් මැද' චිත්‍රපටයේ නිෂ්පාදකවරයාත් ඇවිත් තිබුණා. ඔහුට පැවැරී තිබුණ කාර්යභාරයක් තමයි ඔහුගේ චිත්‍රපටයට ශිල්පීන් සොයා ගැනීම. ඉතිං එදා මගේ හැකියාවන් දැකලා සම්මුඛ පරීක්ෂණයට මාව කැඳෙව්වා.
• රංගන ශිල්පියෙක් විදියට ඔබ පැමිණි ගමන් මගේදි ජයන්ත චන්ද්‍රසිරි කියන නිර්මාණකරුවාගේ හඳුනා ගැනීමත් සුවිශේෂීයි නේද?
මගේ මුල්ම වේදිකා නාට්‍යය වන 'අනේ අබ්ලික්' කරද්දි අපි නාට්‍ය වැඩමුළුවක් කළා. මාස තුනක් විතර තිස්සේ උදේ 9.00 ඉඳලා හවස 5.00 වෙනකල් මේ වැඩමුළුවට අපි සම්බන්ධ වුණා. එතනදි තමයි මට ජයන්ත චන්ද්‍රසිරිව හඳුනාගන්න ලැබුණේ. ඒ බැඳීම ඉතා දිගු කාලයක් පැවතුණා. ජයන්තගේ මුල්ම නාට්‍ය වුණේ 'සරස්වතී' ඊළඟට 'අත්' මේ හැම නිර්මාණයකටම වගේ මම සම්බන්ධ වුණා.
• 'රඟපෑම් ඉවරයි' නාට්‍යයෙන් පස්සේ කමල්ගෙ රඟපෑම් ඉවර වෙයිද?
එහෙම කට්ටිය හිතාගෙන ඇති. ඒත් තාම මගේ රඟපෑම් ඉවර නෑ. හොඳ නිර්මාණවලින් මාව දකින්න ලැබෙයි.
වාසනා සුරංගිකා විතානගේ

0 comments for "කවුරු කොහොම හිතුවත් මගේ රඟපෑම් ඉවර නෑ-කමල් අද්දරආරච්චි"
Leave a reply