ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

උතුරෙන් මුස්ලිම්වරුන් එළැවීම 'වාර්ගික ශුද්ධයක්' - TNA


දෙමළ පාර්ශවයෙන් වාර්ගික ශුද්ධයක් සිදුවී ඇති බව දෙමළ ජාතික සන්ධානය පිළිගනී.

පැය විසි හතරක් ඇතුළත උතුරෙන් මුස්ලිම් ජනතාව පලවා හරිනු ලැබීම වාර්ගික ශුද්ධ කිරීමක් හැර එයට වෙනත් අර්ථකතනයක් දිය නොහැකි බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් ප්‍රකාශ කරයි.

'තිත්ත ඇත්ත'
 'තිත්ත ඇත්ත' වශයෙන් හඳුන්වමින් ඔහු මේ බව කියා සිටියේ ෆෙඩරල් පක්ෂයේ නිර්මාතෘ එස්.ජේ.වී.චෙල්වනායගම්ගේ තිස් හයවන ගුණානුස්මරණ උත්සවයේදී.
 'වාර්ගික ශුද්ධයකට අප අපරාධකරුවන් බව පිළිගන්නා
තුරු අපට එරෙහිව වර්ග සංහාරයක් සිදුවන බව ජාත්‍යන්තරය පිළි නොගන්නා බව,'යි සුමන්දිරන් මන්ත්‍රීවරයා තව දුරටත් කියා සිටියේ.

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජාත්‍යන්තරය මැදිහත් විය යුතු යයි අප ඉල්ලා සිටියදී මුස්ලිම් ජනතාව පිළිබඳව කතා නොකිරීමේ යුක්ති සහගත භාවයක් තිබේදැ'යි ඔහු විමසා සිටියේය.

'ඕස්ට්‍රේලියාව අපි ගැන කතා කරන්න ඕන. ඇමරිකාව අපි ගැන කතා කරන්න ඕන. ඉන්දියාවේ තියෙන සියළුම ප්‍රාන්ත අපි ගැන කතා කරන්න ඕන. හැබැයි, අපි මුස්ලිම්වරු ගැන කතා කරන්න හොඳ නැහැ. මොකක්ද මේකෙ යුක්තිය?,' සුමන්දිරන් මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

Posted in:

0 comments for "උතුරෙන් මුස්ලිම්වරුන් එළැවීම 'වාර්ගික ශුද්ධයක්' - TNA"

Leave a reply