එවරස්ට් තරණයේ හැටවැනි සමරුවට නේපාලයේ උත්සව
මිනිසකු එවරස්ට් කඳු මුදුනට ලඟා වීමේ ඓතිහාසික අවස්ථාවට අවුරුදු හැටක් සම්පූර්ණ වීම නිමිත්තෙන් නේපාලයේ ජනතාව උත්සව ආරම්භ කොට ඇත.
එවරස්ට් ලෝකයේ උසම කඳු මුදුනයි.
එවරස්ට් කඳු මුදුනට ලඟා වූ පළමු මිනිසුන් දෙදෙනා වන්නේ, නවසීලන්ත ජාතික එඩ්මන්ඩ් හිලරි (Edmund Hillary) සහ නේපාල ජාතික
ටෙන්ෂින් නොර්ගේ(Tenzing Norgay)ෂර්පාවරයායි.
ඔවුන් විසින් තබන ලද ඓතිහාසික වාර්තාව සැමරීම වෙනුවෙන් නේපාලයේ සංවිධානය කරනු ලැබ ඇති උත්සවවලට,කඳුකර මැරතන් ධාවන තරඟයක් සහ එවරස්ට් කන්ද පාමුල පිහිටුවා තිබෙන කඳවුර පිරිසිදු කිරීමක් ද ඇතුළත් වෙයි.
1953 වසරෙහි සිදු වූ එම ඓතිහාසික එවරස්ට් තරණ චාරිකාවේ හවුල්කරුවන් වූ අදත් ජීවමාන කඳු නගින්නන් කණ්ඩායමක් නේපාලයේ කත්මන්ඩු අගනුවර පැවැත්වුන අලංකාර සමරු පෙරහැරකට එක්ව සිටියහ.
අවුරුදු පණහකට පෙර තැබූ ඉහත කී ඓතිහාසික පියවරින් අනතුරුව, අද වනවිට පන්දහසකට අධික කඳු නගින්නන් එවරස්ට් ගිරි ශිකරයට ලඟා වී ඇතැයි වාර්තාගත කොට ඇත.
මේ අතර, එවරස්ට් තරණය කරන්නන්ගේ සංඛ්‍යාව සීමා කිරීමට නේපාල බලධාරීන් සලකා බලමින් සිටින බවක් ද වාර්තාවෙයි.

Posted in:
එවරස්ට් තරණයේ හැටවැනි සමරුවට නේපාලයේ උත්සව

0 comments for "එවරස්ට් තරණයේ හැටවැනි සමරුවට නේපාලයේ උත්සව"
Leave a reply