දියණියගේ ගවුම කොට වැඩි යයි අවවාද කළ නිසා පාසල් ගුරුවරිය දණ ගැස්සූ මන්ත‍්‍රී
නවගත්තේගම නවෝද්‍යා මහා විද්‍යාලයේ ගුරුවරියක් දණ ගස්වා තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වයඹ පළාත් සභාව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී ආනන්ද සරත් කුමාර 15 දා පස්වරුවේ රක්ෂිත බන්ධනාගාර ගත කළා.
පුත්තලම වැඩබලන මහේස්ත‍්‍රාත් මොහොමඞ් ඉක්බාල් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ශිෂ්‍යාවකට විනය පියවර ගැනීමේ සිද්ධියක් හේතුවෙන් අදාළ ගුරුවරිය පාසල් භූමිය තුළ (14) මන්ත‍්‍රීවරයා
විසින් දණගස්වා තිබූ බවයි වාර්තා වුණේ.
ඊයේ පෙරවරු කාලයේ දී පාසල් කටයුතු ආරම්භ කිරීමට පෙර නිළ ඇදුමෙහි දිග ප‍්‍රමාණය කෙටි වූ ශිෂ්‍යාවන් කිහිපදෙනෙකුට ඇය අවවාද කර තිබෙනවා.
එලෙස අවවාද කළ ශිෂ්‍යාවන් අතර වයඹ පළාත් සභාව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී ආනන්ද සරත් කුමාර දියණිය ද සිටි බව සදහන්. අදාළ පළාත් සභා මන්ත‍්‍රීවරයා ද එදින පස්වරුවේ පාසලට පැමිණ සිය දියණියට විනය සම්බන්ධයෙන් අවවාද කළ ගුරුවරිය විද්‍යාල භූමිය තුළම දණ ගස්වා පරුෂ වචනයෙන් බැන වැදී තිබෙනවා.
කෙසේ වෙතත්, විද්‍යාලයේ විදුහල්පතිවරයා ඒ වන විටත් රාජකාරී කටයුත්තක් සදහා පාසලෙන් බැහැරව සිට ඇති අතර පාසලේ කටයුතු භාරව සිට ඇත්තේ නියෝජ්‍ය විදුහල්පතිවරයායි. මෙම ගුරුවරිය පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් භාරව මෙන්ම විනය මණ්ඩලයේ ද කටයුතු කරන බවයි වාර්තා වන්නේ.
සිද්ධියට සම්බන්ධ පාසල් ගුරුවරිය කියා සිටියේ පාසල අවසන්වීමට ආසන්නයේදී අදාළ මන්ත‍්‍රීවරයා පාසලට පැමිණ තමාට පරුෂ වචනයෙන් බැන වැදී විද්‍යාල භූමියේම දණ ගැස්සූ බවයි.
පසුව සිය දියණියගෙන් සමාව ගන්නැයි ආනන්ද සරත් කුමාර මන්ත‍්‍රීවරයා ගුරුවරියට නියෝග කළ බවද කියා සිටියා.
අදාළ චෝදනාවට ලක්වූ වයඹ පළාත් සභාව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී ආනන්ද සරත් කුමාර කියා සිටියේ තමන් විද්‍යාලයට නොපැමිණි බවයි.
පුත්තලම වැඩබලන මහේස්ත‍්‍රාත් මොහොමඞ් ඉක්බාල් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ශිෂ්‍යාවකට විනය පියවර ගැනීමේ සිද්ධියක් හේතුවෙන් අදාළ ගුරුවරිය පාසල් භූමිය තුළ (14) මන්ත‍්‍රීවරයා
විසින් දණගස්වා තිබූ බවයි වාර්තා වුණේ.
ඊයේ පෙරවරු කාලයේ දී පාසල් කටයුතු ආරම්භ කිරීමට පෙර නිළ ඇදුමෙහි දිග ප‍්‍රමාණය කෙටි වූ ශිෂ්‍යාවන් කිහිපදෙනෙකුට ඇය අවවාද කර තිබෙනවා.එලෙස අවවාද කළ ශිෂ්‍යාවන් අතර වයඹ පළාත් සභාව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී ආනන්ද සරත් කුමාර දියණිය ද සිටි බව සදහන්. අදාළ පළාත් සභා මන්ත‍්‍රීවරයා ද එදින පස්වරුවේ පාසලට පැමිණ සිය දියණියට විනය සම්බන්ධයෙන් අවවාද කළ ගුරුවරිය විද්‍යාල භූමිය තුළම දණ ගස්වා පරුෂ වචනයෙන් බැන වැදී තිබෙනවා.
කෙසේ වෙතත්, විද්‍යාලයේ විදුහල්පතිවරයා ඒ වන විටත් රාජකාරී කටයුත්තක් සදහා පාසලෙන් බැහැරව සිට ඇති අතර පාසලේ කටයුතු භාරව සිට ඇත්තේ නියෝජ්‍ය විදුහල්පතිවරයායි. මෙම ගුරුවරිය පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් භාරව මෙන්ම විනය මණ්ඩලයේ ද කටයුතු කරන බවයි වාර්තා වන්නේ.
සිද්ධියට සම්බන්ධ පාසල් ගුරුවරිය කියා සිටියේ පාසල අවසන්වීමට ආසන්නයේදී අදාළ මන්ත‍්‍රීවරයා පාසලට පැමිණ තමාට පරුෂ වචනයෙන් බැන වැදී විද්‍යාල භූමියේම දණ ගැස්සූ බවයි.
පසුව සිය දියණියගෙන් සමාව ගන්නැයි ආනන්ද සරත් කුමාර මන්ත‍්‍රීවරයා ගුරුවරියට නියෝග කළ බවද කියා සිටියා.
අදාළ චෝදනාවට ලක්වූ වයඹ පළාත් සභාව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී ආනන්ද සරත් කුමාර කියා සිටියේ තමන් විද්‍යාලයට නොපැමිණි බවයි.
0 comments for "දියණියගේ ගවුම කොට වැඩි යයි අවවාද කළ නිසා පාසල් ගුරුවරිය දණ ගැස්සූ මන්ත‍්‍රී "
Leave a reply